කාන්තාවන් තේරීම හේමන්තට යෞවනයන් තේරිම ජෝන්ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් යෝජනා කරන ලද නම් අතරින් අමාත්‍යවරයාගේ අනුමැතිය මත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හේමන්ත දේවප්‍රියගේ සභාපතිත්වය යටතේ නව තේරුම් කමිටුවක් ද,යොවුන් තේරීම් සඳහා විනෝදන් ජෝන් ගේ සභාපතිත්වයෙන් යුතුව නව තේරීම් කමිටුවක් ද පත් කර ඇති බව වාර්තා වෙනවා.එහෙත් ඇතැම් පත්කිරීම් එම පත්වීම්වලට අදාළ පුද්ගලයන් දැනුවත් නොකර ඇති බැවින් යම් වෙනස්කම් සිඳුවීමට හැකි බවද වාර්තා වෙනවා.

හේමන්ත දේවප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් කාන්තා තේරුම් කමිටුව සඳහා නම් කර ඇති සෙසු තිදෙනාම කාන්තාවෝ වෙති
ඒ අතර හිටපු තේරිම් කමිටු සභාපතිණි වන රසංජලී ද සිලවා සහ තේරීම් කමිටු හිටපු සාමාජිතාවක් වන තිලංකා නිල්මිණි ගුණවර්ධන ද වෙයි.නව තේරීමක් හැටියට කාන්තා තේරීම් කමිටුවේ දක්නට ලැබෙන ශ්‍රීපාලී වීරක්කොඩි මෑතක් වන තුරුම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවකි.37 හැවිරිදි ශ්‍රීපාලි මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් සමඟ එකට ක්‍රීඩා කිරීමේ අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක්ය.
විනෝදන් ජෝන් යටතේ යොවුන් තේරුම් කමිටුවට නම් කර ඇත්තේ,දුමින්ද වික්‍රමසිංහ,අසන්ත වික්‍රමසිංහ සහ වරුණ වරාගොඩ ය.

පත් කර ඇති සභාපතිවරු දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් තත්ත්වයට උසස් වූ අවදියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝය.දකුණු අප්‍රිකානු තහනම් සංචාරයේ යෙදීම නිසා හේමන්ත දේවප්‍රිය ඇතුළු ක්‍රීඩක පිරිසකට ක්‍රිකට් තහනමක් පැනවුණ පසු යෙදුණ සංචාරයේදී ටෙස්ට් හා එක්දින වරම් ලද විනෝදන් ජොන් වේග පන්දු යවන්නෙක් ලෙස කැපී පෙණුන සේවයක් එකල ශ්‍රී ලංකාව වෙනුවෙන් සිඳු කළ ක්‍රිඩකයෙකි.කඩුලු 5 බැඟීන් දවාගැනීම් අවස්ථා දෙකක් ද සහිතව ටෙස්ට් තරග හයකදී කඩුලු 28 ක් දවා සිටි ජෝන් ටෙස්ට් තරග වෙනුවට එක්දින තරග සඳහා පමණක් යොදා ගැනීමට එවකට තේරීම් කමිටු ගත් තීරණය අදටද පිළිතුරක් නැති ප්‍රශ්නයකි.ඔහු එක්දින තරග 45 දී දවාගෙන ඇති කඩුලු ප්‍රමාණය 34 කි.

හේමන්ත දේවප්‍රිය ශ්‍රී ලංකා සංචිතය සතුව සිටි හොඳම පිිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙකුද වේ.වේගයෙන් පන්දුවට පහරදීමේ හැකියාව සහිත හේමන්තට කණ්ඩායමට ඒමට එවකට තිබුණ විශාලතම බාධකය වූයේ අදටත් බොහෝ දෙනා හඳුන්වන ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම කඩුලු රකින්නා වන මහේෂ් ගුණතිලක කණ්ඩායමේ සිටීමය.අවසානයේ මහේෂ් සහ හේමන්ත දෙදෙනමෙ තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට එකට එම කණ්ඩායම නියෝජනය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...