*
Saturday, June 29, 2024
spot_img

Latest Posts

40-වසරක් ඕමානයේ සේවය කර නික්ම යන දීර්ඝතම සේවා කාලයක් හිමි ශ්‍රී ලාංකීය සංක්‍රමණික ශ්‍රමිකයා වෙත උපහාර!

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා හතළිස් වසරක් ඕමානයේ සේවය කර නික්ම යන දීර්ඝතම සේවා කාලයක් හිමි ශ්‍රී ලාංකීය සංක්‍රමණික ශ්‍රමිකයා වෙත උපහාර දක්වයි

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් දශක හතරකට ආසන්න කාලයක් සුල්තාන් රාජ්‍යයේ සේවය කර ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන නමික් අසර් මොහිදීන් මහතාගේ දීර්ඝකාලීන සේවය ඇගයීමට ලක් කරමින් මස්කට්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඝාලා හි සෙන්ටාරා මස්කට් හෝටල් පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද සමුගැනීමේ උත්සවය අතරතුර දී එතුමා වෙත ශුභාශිංසන එක් කරන ලදි. නමික් මොහිදීන් මහතා විසින් පසුගිය හතළිස් වසර තුළ ස්වදේශීය සහ සත්කාරක රාජ්‍යයන් දෙක වෙනුවෙන් ඉටු කරන ලද දීර්ඝකාලීන සේවාව ඇගයීම සඳහා තානාපති අජ්වාඩ් මැතිතුමා විසින් එතුමා වෙත ඇගයීම් සහතිකයක් ද ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල සමරු ලාංඡනය ද තානාපති අජ්වාඩ් මැතිතුමා විසින් මෙම අවස්ථාවේ දී තිළිණ කරනු ලැබිණි.

එහිදී අදහස් දැක්වූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් විසින් ස්වදේශීය සහ සත්කාරක රටවල ආර්ථික සංවර්ධනය සඳහා ලබා දුන් දායකත්වය අගය කළ අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 40 වන සංවත්සරික සැමරුමේ පටන් සුල්තාන් රාජ්‍යයේ දීර්ඝ කාලයක් සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් වෙත උපහාර දැක්වීමේ සම්ප්‍රදායක් තානාපති කාර්යාලය මඟින් මේ වන විටත් ආරම්භ කර ඇති බව දන්වා සිටියේය. ඉදිරි වසරවලදී මෙම මිත්‍ර ජාතීන් දෙක අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් අත්කර ගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ආර්ථික, සංස්කෘතික, සමාජීය සහ අන්තර් පුද්ගල සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර, ඕමානයේ ශ්‍රී ලාංකීය සමාජ සංගමයේ සභාපති රෝයි ලසන්ත, එතෙර අපි සංවිධානයේ සාමාජික රුවන් චානක, මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ මාණ්ඩලික සාමාජිකයින් වන සනත් හේමචන්ද්‍ර, සියාද් නියාස් සහ මෙම උත්සවයේ සංවිධායකවරුන් වන හෆීස් මරික්කාර්, මොහොමඩ් ඉයාස්, එම්. කමල් අබ්දුල්ලා, මොහොමඩ් රිසාන්, මොහොමඩ් ෆර්වීන් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 දෙසැම්බර් 29 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan