*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවේ දේශපාලනයට අභියෝග කරන ඔලිම්පික් දේශපාලනය

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම ක්‍රීඩා ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන්නේ නැත.ලෝකයේ පිළිගත් ඔලිම්පික් ක්‍රීඩා පමණක් ජාතික ඔලිම්පික් කමිටුවට අදාළය.ඔලිම්පික් කමිටුවට අදාළ වුව ද නැතුවා වුව ද සෑම ක්‍රීඩා සංගමයක්ම පාලනය කෙරෙන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේය.මේ නිසාම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ ඒ ක්‍රීඩාවේ ආණ්ඩුවේ නියෝජිතයා ලෙස පැවරී ඇති බලය ඔස්සේ යම් යම් වරප්‍රසාද වරදාන අපේක්ෂා කරන අතර ඒයින්ද මුල් තැනක් හිමිවන්නේ විදේශ සංචාරවලටය.

මෙවැනි අවස්ථාවන් හී සිඳුවන්නේ යම් ක්‍රීඩා සංගමයක්,සභාවක් නිලධාරියෙක් බලාපොරොත්තු වෙන එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කරන්නේනම් යම් ගැටුමක් ඇති විමය.මේ දේ ක්‍රම කිහිපයකින් සිදු විය හැකිය.ක්‍රීඩා සංගමය හා නිලධාරියා අතර ගැටීම ඇතැම් විට සංගමයේ වරදකින් ද සිදු විය හැකි වුවත් ඒය අවසාන විග්‍රහයේදී ක්‍රීඩාවට අදාළ පරිපාලනය සහ එය අධික්ෂණය පැවරී ඇති රජයේ පරිපාලනය අතර ගැටුමකි.මේ කුමන අවස්ථාවක වුව එම ක්‍රීඩා සංගමයට හේතු ඇතුව හෝ නැතුව තාවකාලිකව හෝ තහනමකට ලක් විය හැකිය.

නමුත් කිසිම අවස්ථාවක ක්‍රීඩා අමාත්‍යංශයට මේ ආකාරයට තමන්ගේ පරිපාලනය යටතේ පවතින ක්‍රීඩා සංගම් නියෝජනය කරන ඔලිම්පික් කමිටුව පාලනය කළ නොහැකිය.එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ රාමුව ඇතුළේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක අදේශපාලනික වැඩකි.ඒ නිසාම තවම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තහනම් උත්තේජන සම්බන්ධයෙන් රුසියාවට ක්‍රියාත්මක කරන ලෙස පැන වූ නියෝග පුටිංගේ ආඩම්බර දේශපාලනය විසින් පිළිනොගැනීම නිසා ඔවුන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවිධානය කරන උළෙලවලට සහභාගී විමේදි රුසියාවේ ජාතික කොඩිය හෝ භාවිතයට අවසර නැත.

කෙසේ හෝ ආණ්ඩුවේ දේශපාලනයට ක්‍රීඩා සංගම්වලට අත පෙවිය හැකි දුර සිටින සංගම්ම ඔලිම්පික් කමිටුව ඇතුළේ දී ආණ්ඩුවේ පාලයට හසුරන්න බැරි පිරිසක් වීම යන හරියට ආණ්ඩුවට දෙපසින්ම ඔළු ඇති සතෙක් හමුවීම වැනිය.එක රාමුවකදී ආණ්ඩුවේ දේශපාලනයට සහ රජයේ පරිපාලනයට යටක්ව හිස මෙන්ම වලිගයද වනන මේ සතා අනිත් රාමුවේදී වලිගයවත් හිසවත් නොවනන අතර අමාත්‍යංශයට එහෙමත් නැත්නම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඒ තැන්වලදී වැනෙන්නට වන්නේය.

ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ක්‍රීඩාවේ සකලවිධ දේ තමන් සතුය යන හැඟීමෙන් වැඩ කිරීම නිසා සහ එයට දේශපාලන මුහුණුවරක් දෙන්නට නිලධාරින්ට ඇති පුහුණුව නිසා අවසානයේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ඔලිම්පික් කමිටුව යන පරිපාලන ව්‍යුහයන් දෙක හැමදාම සිටින්නේ කඹ ඇදිමකය.වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයාද මේ රට ඇතුළේ ක්‍රීඩාව සම්බන්ධ කුමන හෝ පරිපාලන ඒකකයක් තිබෙනවානම් එය තමන්ගේ අණසක යටතේ පමණක් තිබිය යුතු බවට විශ්වාස කරන මට්ටමට පත් කිරීම තුළ අද වන විට පුරුදු කඹ ඇදීම දෙපසින් සිඳුවන බවක් දැකිය හැකිය.

එවැනි වටපිටාවක වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට පමණක් නොව එම පවුලටමත් සහ විශේෂයෙන් ජනාධිපතිවරයාට බෙහෙවින්ම සමීප විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මෙවර ඔලිම්පික් මුල් පුටුවට තරග කරන්න ආවේ ආණ්ඩුවේ හිතවතෙක් හැටියටය.විශේෂයෙන් මේ රජයේ අමාත්‍යංශ ලේකම් තනතුරක්ද දරන පාලිතයන් ආණ්ඩුවේ මුහුණුවරට අනුව සිංහල – බෞද්ධ – රණ විරු නියෝජනයක්ද වන බැවින් ජයග්‍රහණය පහසුවනු ඇති බවක් මතු පිටින් පෙණුනද සිදුවන්නේ හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ඉදිරියේ පාලිත ප්‍රනාන්දු පරාජය විමය.සමස්තයක් ලෙස ගත් විට සුරේෂ්ගේ කණ්ඩායමට පහසුවෙන් ඔලිම්පික් කමිටුවේ මුල් පුටු ටික හිමිවීමය.

ආණ්ඩුවේ දේශපාලනය ලෙස වක්‍රව පෙනෙන පාලිත ප්‍රනාන්දුගේ පරාජය මැද්දේ ආණ්ඩුවේම බෙදන හැන්ද කුඩා වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා ද උප සභාපති තනතුරකට පත් වන්නේය.ඇය ආණ්ඩුව ඇතුළේ එය රැක ගන්නට සටන් කළ ද,තීරනාත්මක මොහොතක රජයේ සෞඛ්‍යමය අවුල වෙනුවෙන් උර දෙමින් ආණ්ඩුවේ නියෝජිතවරිය ලෙස කළ සේවය නොසළකා,සමාජයට ඇය අසමත් බව හඟවා සෞඛ්‍ය අමාත්‍ය ධූරය උඳුරා ගත්තේය.ඇය එයට සමුගැන්මේ කතාවේදි ඔළුවක් තියෙන නායකයෙක්ටනම් දැනෙන පිළිතුරක් ද දෙමින් ආණ්ඩුව සමඟ යම් ගැටළුවක් තිබෙන බව පෙන්නූ අයෙක්ය.එවැනි මොහොතක කාංචන ජයරත්න උප සභාපතිවරයෙක් වීම සහ ඊට වඩා රටේ නායකත්වයට සමීප පාලිත ප්‍රනාන්දු පරාජය වීම ක්‍රීඩා අමාත්‍යංශයේ අදිපති පාලනයට සකල විධ ක්‍රීඩාවන් හකුළුවා ගන්නට දරන උත්සාහයට හොඳ පිළිතුරක්ය.

සමහර නිලධාරී කෙතරම් කාලයක් ක්‍රීඩා අමාත්‍යංශයේ එම තනතුරුවල ඉන්නවාද යන්න සොයා බැලීමට ඔවුන් හා කතා කිරීමම වුව ද ප්‍රමානවත්ය.ඇතැම් විට ඔවුන් තනතුරට පැමිණි පසු පස් හය වතාවක්වත් එහි මේස පුටු වෙනස් වි තිබෙන බව ඔවුන්ගේ කතාවලින්ම හැඟෙන්නේය.ඒ නිසා මොන වචනවලින් ක්‍රීඩාව වෙනස් කළ ද,ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර සම්බන්ධය පමණක් නොවේ ක්‍රීඩාව සමාජගත කිරීමේ ක්‍රියාවලිය ද පුටු මේස වෙනස්වන තරමටවත් වෙනස් නොවන තත්ත්වයක ඇත.

එහෙත් මේ නිලධාරි එක දෙයක් දන්නේය.පැමිණෙන සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත්,අමාත්‍යංශ ලේකම්වරයාත් සහ දේශපාලනිකව පත්වන බලධාරීනුත් ක්‍රීඩාවේ සර්ව බලධාරීන් බව ඒත්තු ගන්වා,ඔවුන් දේවාල ගතකොට,යාතිකා කරන කපුවන් බවට මේ නිලධාරීන් පත්වෙන හැටි ඔවුන දන්නේය.දෙවියන්ට පුද පඬුරු ගරු සත්තාර හිමි විය යුතු බව ඔවුන්ගේ ඔළුවට දමන්නේ ඒවා කපුවාට ද දෙවිය සහ කපුවා අතර ඇති සම්බන්ධය නිසා කැප බව හඟවමින්ය.සමහර විට මේ හැඩය නිසා ඇමැතිවරුන්ටත් වඩා දේශපාලනිකව මහා පෞරුශයක් පෙන්වන ලේකම්වරු අධ්‍යක්ෂවරු වැනි චරිත ද නිර්මාණය වන අතර ඔවුන් හිනාවකින් හෝ බැතිමතුන්ට සංග්‍රහ කරන්නේ කට ඇරෙන ප්‍රමානය අර කපු නිළදාරීන්ගේ තොරතුරු අනුව තීරණය කරමින්ය.

ඔලිම්පික් කමිටුවේ නිලවරණවලදී හැමදාම ආණ්ඩුවේ නියෝජනයක් පෙනෙන්නට තිබෙන අතර හැමදාම පාහේ සිද්ධවෙන්නේ එම නියෝජනය පරාජය විමය.මෙවරද ජනාධිපතිවරයාගේ ඥාතා පුත්‍රයා,අගමැතිගේ පුත්‍රයා හේ ඇමතිකමවත්,අපේක්ෂකයා ජනාධිපතිගේ මිත්‍රයා වීමවත් කියා ඒ හැඩය වෙනස් වි නැත.ක්‍රීඩා නිලවරණ එබඳුය.එය මහා මැතිවරන සහ පළාත් සභාවලින් මනින්නට නොහැකිය.හිතවතුන්ට ලැබෙන්නේ කුමක්ද කියා පමනක් ඒවා තීරණය වන්නේනම් පැමිණෙන කෙනෙක්ට ද ඒ දේ කළ හැකිය.එසේනම් ආණ්ඩු ක්‍රීඩාවේ දි නිව්ටල් විම සහ තමන්ගේ සිමාව හරියට ලකුණු කර ගත යුතු බව මේ ප්‍රතිපලවලින් පැහැදිළි කරගත යුතුය.අමාත්‍යංශයට ඔලිම්පික් කමිටුවෙන් ලබාගත හැකි උදව් උපකාර එහි ජාත්‍යන්තර සබඳතා රාමුව යටතේ රටේ ක්‍රීඩාවට ලබා දීමය.තනිව හෝ එකෙක් එකෙකුට යටත්ව මේ ගමන යන්නට නොහැකිය.තමන්ගේ වගකීම තේරුම් ගැනිමට මෙන්ම අනෙකාගේ වගකිම තේරුම් ගැනිම ද අතිශයින් වැදගත් වන අතර ඒවා බෙදාගෙන අවබෝධයෙන් එකිනෙකාට ගරු කරමින් මේ ගමන යන්නේනම් රටේ ක්‍රීඩාවට වැදගත්ය.

ජාතික ඔලිම්පික් කමිටුවද මේ තත්ත්වය තේරුම්ගත යුතු අතර අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පැත්තෙන් ඇට්ටකුණා වූ නිලධාරි රොත්ත විසින් හිසේ පළදන මාන්නය පසෙකින් තියන්නට ඒ මුල් පුටුවල ඉදගන්න ඇත්තෝ බුද්ධිමත් විය යුතුය.බොහෝ විට තමන් උඩඟුකම ලෙස පෙන්වන්නේ මෝඩකම බව තේරුම් ගැනීමට නොහැකිනම් රටේ නීතියට අනුව ජාත්‍යන්තර ක්‍රීඩා නීතියක් අභියෝගයකට ලක් කර,අපට ලෝකය ඉදිරියේ සිංහයා හකුළවා තබාගෙන වළලු පහෙන් තරඟ කරන්නට පමණක් ඉඩ ලැබෙනු ඇත.

රණසිංහ මුදියන්සෙ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan