ජනතාව අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක සමගි ජන බලවේගයය විසින් ආරම්භ කර ඇති බවත් එය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රය ඉලක්ක කර ගෙන මේ වන විටත් ක්‍රියාත්මක බවත් එහි වැදගත්ම අංගය වන්නේ මිනිසා ජීවත් කර හොරකම පරාජය කිරීම වුවත් මේ වැඩසටහනට වැඩ කරන්න බැරි වාමවාදී සමාජවාදී පක්ෂවල පුද්ගලයන් පිරිසක් විශාල අභියෝග, අපහාස හා උපහාස කරන බවත් මේ රටේ සීටීබී ඩයිවර්වරයකුට රටේ නායකයා විය හැකි ද කියා ඔවුන් අපහාස කළත් ඔවුන් නොදන්නා දෙයක් නම් වත්මන් ඉන්දීය අගමැතිවරයා කාලයක් දුම්රියේ තේ විකිණූ අයකු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. නමුත් තේ විකුණන රැකියාවෙන් පටන ගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඒ ගමන අවසානයේ නතර වූයේ රටේ අගමැතිවරයා වී බවත් එබැවින් මේ රටේ බස් රියදුරකුට වුව හැකියාව, කැපවීම, මානවහිතවාදීකම තිබේ නම් ජනාධිපති තනතුරටත් වඩා ඉහළට යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (29) පැවසීය.
අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 54 වැනි අදියර ලෙස සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.
සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හොල්ලා හොල්ලා ඔවුන්ගේ පක්ෂ කාර්යාල අධි සුඛෝපභෝගී ලෙස සකස් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔවුන්ට හොරු අල්ලන් ඕනෑකමක් නැති වුණාට තමන්ට හොරු අල්ලා දූෂණය පරාජය කර රට දියුණු කිරීමට විශාල අවශ්‍යතාවක් ඇති බවත් ය.
එබැවින් අපහාස උපහාස නොකර තමන්ට තිබෙන අයුරින් හෝ දුප්පත් අසරණ මිනිසුන්ට උපකාර කරන ලෙසත් පසුගිය ජනාධිපතිවරණයේ දී තමා පාසල් දූ දරුවන්ට නිළ ඇදුම් පොත් බෑග් ලබා දෙන බවට ප්‍රකාශ කළ විට අද මේ අයුරින් අපහාස කරන පුද්ගලයන් එදා ද අපහාස කළ බවත් එහි ප්‍රතිඵල මේ වන විට අප රටේ ජනතාව විඳවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මීට වසර 3කට පෙර හරි තීන්දුවක් ගත්තා නම් අද මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් දැන්වත් ලොව පළමු තැනට ශ්‍රී ලංකාව ගෙන ඒමට අවැසි ලෙස කටයුතු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ ඒ සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශාල වෙනසක් සිදු විය යුතු බව යි.
බොහෝ පාසල්වල දූදරුවන්ගේ දෙමාපියන්ට පෞද්ගලික බස් රථයක් ලබා ගෙන තරගවලට යෑම අතිශය අමාරු කාර්යක් බවත් පාරේ යන බස් එකේ ගියොත් සමහර තරඟවලට ප්‍රමාද වී සහභාගී වෙන්න හෝ අදාළ තරගයට සහභාගී වෙන්න බැරි වෙන අවස්ථා පවතින බවත් එබැවින් නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙවැනි බස් රථ ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම අපේ රට බංකොළොත් වූයේ රට ගැන හිතන්නැතිව තමන් ගැන හිතන දේශපාලන ක්‍රමය නිසා බවත් ලක්ෂ 220ක් වූ ජනතාව අමතක කර තම පවුල ගැන හිතා කටයුතු කර රටේ දේපල රජ පවුලකට සින්න වීම නිසා අප රට බංකොළොත් වූ බවත් එදා ඉතිහාස පොතේ අප රට හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස වුවත් අද වන විට විදෙස් රටවලින් ඩොලර් කෝටි ගණන් වියදම් කර සහල් ආනයනය කරන බවත් එදා තිබූ ස්වයංපෝෂිත රට අද වන විට ලෝකේ වටේ හිඟමනේ යන තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය. බංකොලොත් රටක ආණ්ඩුවට ජනතාවට වැඩ කරන්න මුදල් නොමැති වුවත් විපක්ෂය කෙසේ හෝ ජනතාව වෙනුවෙන් වැඩ කරන බවත් මේ මොහොත වන විට වැඩසටහන් 3ක් හරහා කිසිදු රාජ්‍ය බලයක් නොමැතිව ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරන බවත් මේ වන විට පාසල් 54කට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ ලබා දුන් බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 2592ක් වැය වි ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන් ම සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රජයේ පාසල් 22කට ලක්ෂ 178ක් වටිනා සුහුරු පන්ති කාමර, පරිගණක ආදිය පරිත්‍යාග කර ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක සෞඛ්‍ය උපකරණ ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
නැවතත් විදුලි බිල සියයට 65කින් වැඩි වන බවත් ඒ අනුව දෙවැනි වරටත් විදුලි බිල වැඩි වන බවත් එම නිසා මිනිසුන් විශාල ලෙස අසරණ වී ඇති බවත් මේ නිසා රටේ දරු පරපුර මෙන්ම මව් පරපුර ද කුඩා හා මධ්‍ය පරිමාණ මෙන් ම විශාල ව්‍යාපාර කරන පුද්ගලයන් පවා විශාල ලෙස අසරණ වී ඇති බවත් තත්ත්වය මෙසේ වුවත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම රටේ ආර්ථික හකුලවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.
RN