විදුලි බල මණ්ඩලයේ වැටුප් දරාගන්න බෑ – ඇමති කංචන

විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 300 කට වැඩි මුදලක් මාසිකව වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙය දැරිය නොහැකි මුදලක් බවද ඔහු කීවේය.

විදුලිය බිල ලබන මාසයේදී සියයට 70කින් පමණ වැඩි කිරීමට නියමිතය.

ඒ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

ලබන වසරේදී විශ්‍රාම යෑමට නියමිත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 30000 කට ආසන්නය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...