*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/30

1. වසර දෙකකට පසු ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කරයි.

2. එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම hedge-අරමුදල් අභ්‍යන්තර වෙළඳ කවයේ මහ මොළකරු යැයි කියනු ලබන ශ්‍රී ලංකානු සම්භවයක් ඇති Galleon අරමුදලේ නිර්මාතෘ රාජ් රාජරත්නම්, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ ඇතැමි දේශපාලනඥයන් හමුවීමට නියමිතය – හිටපු මහ බැංකු අධිපති සහ වත්මන් ජනාධිපතිගේ ණය උපදේශක ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද රාජරත්නම්ගේ Galleon සමූහයේ අධ්‍යක්ෂවරයෙකු විය.

3. සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව රු. බිලියන 170 ක ආදායමක් වාර්තා කර ඇති බවත් එය වසර 110 කට පසු ඉහළම ආදායම බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කරයි – මීට ඉහත, 2020 දී අදායම රු. බිලියන 121; 2021 දී ආදායම රු. බිලියන 140 – 2022 අවසන් මාස 6 තුළ මධ්‍යසාර මිල ඉහළ යාමේ සහ ඉල්ලුම අඩුවීමේ පසුබිම තුළ මෙය සාක්ෂාත් කර ගත් බව ද පවසයි.

4. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා දීමනා සහ වැටුප් වශයෙන් මසකට රු. බිලියන 3.5කට අධික මුදලක් ගෙවා ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි – ලංකා විදුලිබල මණ්ඩලයෙහි ආදායම 2022 ඔක්තෝබර් සඳහා රු. බිලියන 33.6 ක් ද, 2022 නොවැම්බර් සඳහා රු. බිලියන 35.6 ක් විය.

5. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා තම සාම්ප්‍රදායික සහචරයන් හැර අනෙකුත් දෙමළ පක්ෂවලට ඉඩ සැලසීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

6. එක්සත් ජනපදයේ කුලී රථ රියදුරෙකු ලෙස හඳුනාගෙන ඇති 38 වියැති ඇමරිකානු ජාතික Pritchett Jermaine Adriun, මිලිමීටර් 10.9 ජීව උණ්ඩ ද සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිස් අත්අඩංගුවට පත්වෙයි – සැකකරු සිය ජපන් පෙම්වතිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මිතුරෙකුගේ විවාහ උත්සවයකට සහභාගිවීමට බව සඳහන්.

7. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ රු. බිලියන 8 ක ප්‍රදානයක් භාවිතා කරමින් වී ගොවීන්ගේ බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කිරීම් අරඹයි – වී වගා කරන කුඩා පරිමාණ ගොවීන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ හෙක්ටයාරයකට රු. 10,000ක් ලෙස, උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් දක්වා මූල්‍ය ආධාර ලැබේ.

8. දැඩි අදායම් බදු අනුපාත බලාත්මක වීම මධ්‍යයේ 2023 ජනවාරි සිට දස දහස් ගණනින් ශ්‍රී ලාංකික පුද්ගලයන් සහ ආයතන තම වියදම් සහ ආයෝජන කපා හැරීමට කටයුතු කර ඇත – 65% ට වැඩි උද්ධමනය, තුන් ගුණයකින් ඉහළ ගිය පොලී අනුපාත, ඉහළ බලශක්ති මිල ගණන්, සහ බදු ඉහළ දැමීම් වැටුප් ලබන්නන්ගේ පරිභෝජන වියදම් කෙරෙහි තියුණු ලෙස බලපාමින් තිබේ – බොහෝ ශ්‍රී ලාංකිකයෝ රට හැර දමා යාමට ද පොරකති.

9. 2023 වසරේ පළමු කාර්තුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි – වසර 4ක් තුළ ඇ.ඩො. මිලියන 2,900 ක් යනු (සෑම මාස 6කට වරක් ඇ.ඩො. මිලියන 362 කොටස් 8කින්) “සුළු ආධාරයක්” නොවන බව පෙන්වා දෙයි – මෙම විධිවිධානය මූල්‍යමය වටිනාකමෙන් ඔබ්බට “රට කෙරෙහි විශ්වාසය ගොඩනඟන” බව ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට පෙර මාස 6 තුළ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඩොලර් මිලියන 4,000 ක විදේශ විනිමය ගලා ඒමක් පවත්වා ගන්නා ලදී.

10. 2023 ජනවාරි 1 වනදා සිට පැමිණෙන සහ පිටවන සියලුම ශ්‍රී ලාංකිකයින්ට “පැමිණීමේ සහ පිටත්වීමේ කාඩ්පත්” මාර්ගගතව පිරවිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan