බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ආශු මාරසිංහගෙන් එන්තරවාසියක්!

Date:

මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට එල්ල කළ චෝදනා මගින් තමාට අපහාසයක් සිදු වූ බව පවසමින් සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදනට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් එන්තරවාසී යොමුකර තිබේ.

මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ සියළු චෝදනා අසත්‍ය බව මෙම එන්තරවාසිය මඟින් ප්‍රකාශ කර ඇත.

තමා පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.

පසුගිය 23 වන දින සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය නීතිඥවරුන් මගින් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරදනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස දන්වා එන්තරවාසි යොමු කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...