*
Friday, March 29, 2024
spot_img

Latest Posts

තව අවුරුදු 10 කින් මේ රට අපේ රටේ තත්ත්වයට ගන්න පුළුවන් – කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සින්ග් ලී

  • මෙවැනි සම්පත් අපිට තිබෙනවා නම් ලෝකයේ හොඳම සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සින්ග් ලී
  • රට නංවන්න අවුරුදු 10 ක සැලැස්මක් ඕනෑ

“මේ රටේ පාරවල්වල මුදල් අතුරලා තිබෙනවා. ඒවායින් මේ රටේ අය ප්‍රයෝජනයක් ගන්නේ නෑ. මේ වාගේ රටක් අපට තිබෙනවා නම් අවුරුදු 10 ක් ඇතුළත දී ලෝකයේ හොඳම සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. මේ රට සම්පත් අධික රටක්. එසේ තිබියදී රටේ සම්පත් විකුණන්නට යනවා” යැයි කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සින්ග් ලී මහතා කෑගල්ල පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් කරුණු සඳහන් කළ සභාපති වරයා:

“අපේ පදනම කොරියාවේ තිබෙන දෑවැන්ත මානුෂීය පදනමක් ලෙස කටයුතු කරනවා. ලංකාව වැනි රටවල් වලට ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගැනීමට උදව් කරනවා. අපි සහනධාරවලට යන්නේ නෑ. ආයෝජන සඳහා උපකාර කරනවා. කොරියාව ගොඩ නඟන්නටත් මෙම පදනම කටයුතූ කර තිබෙනවා, මනුෂ්‍යයාගේ මනස වෙනස් කරන්න සිතුවිලි වෙනස් කරන්න ඕනෑ. එවිටයි ක්‍රියාව වෙනස් වෙන්නේ. මනසේ කරුණු 120 ක් සටහන් වනවිට එය සිරුරේ සටහන් වෙනවා. එය ජීවිතයට බද්ධ විය යුතුයි. ඒ සඳහා අප නව ගම්මාන ව්‍යාපෘතියක් ඇති කළ යුතුයි. එමගින් මිනිසාගේ මනසට හොඳ දේවල් ඇතුලත් කරලා ඒ සිතුවිලි හොඳ තැනකට ගෙන යායුතුයි. ඒ අනුව මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න පුළුවන් කියා. ඒ සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යූතුයි. ඒවා රටේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට පිහිට විය යුතුයි. එසේ කරන්න නම් මේ රටේ පාලකයන්ට ද පුහුණුවක් ලබා දිය යුතුයි. අපේ රටේ සෑම බලවතෙක්ම මේ පුහුණුව ලබා තිබෙනවා.”

“මාධ්‍ය කොයි රටෙත් ඉතා බලවත්. අපි මේ රටේ ප්‍රවෘත්ති බලනවා. මාධ්‍යයට පුළුවන් මිනිසාගේ සිතුවිලි වෙනස් කරන්න. මාධ්‍යයෙන් පුළුවන් රටක් වෙනස් කරන්න. මාධ්‍යය දේශපාලනයෙන් තොරවිය යුතුයි. සත්‍යය පෙන්නන්න ඕනෑ. ධනාන්මක ප්‍රවෘත්ති රටට දෙන්න ඕනෑ.”

“මේ රටේ ක්‍රියාකලාප වෙනස් විය යුතුයි. එය මේ රටේ නායකත්වය දක්වා විය යුතුයි. මේ රටේ පිහිටීම අනුව රට දියුණු කරන්න සංවර්ධනය කරන්න පුළුවන්. මේ රටේ තිබෙන සම්පත් හොඳටම ඇති. ඒ අනුව තව අවුරුදු 10 කින් මේ රට අපේ රටේ තත්ත්වයට ගන්න පුළුවන්. මේ රටේ කොතරම් ද්‍රව්‍ය තිබෙනවාද? පලතුරු, එළවලු කෘෂිකාර්මික භෝග අපනයනය කරන්න පුළුවන්. රටේ සම්පත් විකුණන්නේ නැතිව ඊට වැඩි ගුණයකින් මුදල් හොයන්න පුළුවන්. මේ රටේ පාරවල්වල මුදල් අතුරලා තිබෙනවා. ඒවා නායකයන්ට පේන්නේ නැහැ. ඔවුන් පිටරටවලින් ආධාර ඉල්ලනවා. මේ රටේම සම්පත් එකතු කර ගත යුතුයි.”

“අතීතය කරපු දේවල් අමතක කරන්න ඕනෑ. අලුත් විදියට හිතලා ඒවා ජිවිතයට ලබා ගන්න ඕනෑ. මේ දේශය සංවර්ධන කිරීමට අවුරුදු 10 ක සැලැස්මක් ඇති කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යුතූයි.”

“තාක්ෂණික පාසල් රටේ ඇති කළ යුතූයි. ඒවාට හොඳ ගුරුවරු යොදා පුහුණු කළ යුතූයි. අපේ රටේ එවැනි ගුරුවරුන්ට ඩොලර් 10000 ක් ගෙවනවා, එවැනි පාසැල් මෙහි ගොඩ නඟලා පිටරටින් හෝ දැනුමක් තිබෙන ගුරුවරු ගෙන්වා ගෙන අවුරුදු දහයක් තුළ මෙරට සංවර්ධනය කරන්න පුළුවන්. මේ සම්බන්ධව දැනටමත් අගමැතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවා.”

“අපිට අපේ රටට යන්න වීසා දෙන්න පුළුවන්. ඒත් එහි ගිය අය ආපසු එන්නේ නැහැ. ඒ නිසා වීසා දීම නවත්වලා තිබෙනවා. ඒක අපේ රටටත් මේ රටටත් හොඳ මදි” යයිද පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan