ඇක්සිඩන්ට් වුණ පාන්ඩ්ට තවත් නරක ඉන්සිඩන්ට් එකක්?

Date:

ඉන්දීය කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙක්ද වන රිෂාබ් පන්ට් අද අළුවයම කාලයේදී රිය අනතුරකට ලක්ව තිබෙන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවන කරුණු අනුව මේ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා අනතුරට මුහුණ දීමෙන් අනතුරුව ඔහුගේ ගමන් මල්ල සහ මුදල් පසුබිම්බය වැනි වටිනා බඩු භාණ්ඩ අස්ථානගතවී තිබෙන බව ද වාර්ථා වෙනවා
පාන්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය දැන් ඔහු ඇතුළත් කර තිබෙන ඩෙහ්රාඩුන්, මැක්ස් රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අශිෂ් යාග්නික් රෝහල සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතල නැති බවයි.
දකුණු කකුළේ වලළුකර ප්‍රදේශයේ අස්ථි බිදීමක් මෙන්ම හිසටද තුවාල ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා මාධ්‍යට පවසා තිබෙනවා.නමුත් ඔහුගේ තත්ත්වය ගැන බිය විය යුතු නැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් පාන්ට්ව පරික්ෂා කරමින් සිටින බවයි.එසේම රෝහල තව පැය කිහිපයකින් නිල නිවේදනයක් නිකුත් කරන බව ද වෛද්‍ය අශීෂ් යාගනික් ප්‍රකාශ කර තිබෙනවා.
නව දිල්ලියේ සිට සිය නිවෙස පිහිටි රූර්කි බලා යන අතරේ දී ඒ ආසන්නයේ පිහිටි උත්තරාකන්ද් ප්‍රදේශයේදි පාන්ඩ් අනතුරුට ලක් වී ඇත්තේ අද අළුයම 5.30 ට පමණයි.අනතුර සිඳු වූ ඇත්තේ පාරේ තිබූ මාර්ග බාධකවල වාහනය ගැටීමෙන් බවත් එහිදි වාහනය ගිණිගෙන ඇති අතර ඉදිරිපස වීදුරුව කැඩී ගොස් තිබෙනවා.
අනතුර වූ සැනින් පාන්ඩ් හදිසි ගිලන්රථ සේවය මඟින් රූර්කි හි සක්ෂාම් රෝහලට ඇතුළත් කර තිබෙන අතර මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන එම රෝහලෙන් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඩෙහ්රාඩුන් හී මැක්ස් රෝහලට ඇතුළත් කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...