හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඔහුව අත් අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට මෙතෙක් නොහැකි වී ඇති බව සඳහන්.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් යොදවා විමර්ශන සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු සඳහා යොදවා රජයට රුපියල් 250,000ක් පාඩුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනයට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු ඊයේ (30) කුරුණෑගලදී FCIDය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඒ, රජයේ දේපල අවභාවිතය හා සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේය. පොදු දේපළ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා ගොනුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එම චෝදනා යටතේම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...