ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

Date:

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල්, දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට වෙන් කිරීමට තීරණය කරයි.

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යා මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.12.29 වනදා රැස් වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව විසින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන්කර තිබූ රුපියල් මිලියන 6.5ක මුදල දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට යෙදවීමට තීරණය වී තිබේ.

ඒ අනූව ඊට අදාළ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රැස්කිරීමට ද තීරණය කර ඇත.

තවද ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන නව පනත කෙටුම්පත් කිරීම අවසන් බවත් ඉතා ඉක්මණින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සැලසුම් කර ඇති බවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු ද කඩිනමින් සිදු කරන බව එහිදී අනාවරණය විය.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ආධාරක උපකරණ පහසු මිලට ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි ඒ සඳහා අයකරන බදු අවම කිරීම හෝ යම් කොටසක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මගින් දැරීම හෝ පිළිබඳව එහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු ජාතික සභාවේ සමාජිකයන් එම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...