*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

සුඛෝපභෝගී දිවි ගෙවන සමාජවාදී නායකයන් නිර්ධන පන්තිය නැගී සිටිනවාට අකැමැතියි – සජිත්

රටේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කිසිදු වැඩක් නොකරන අවස්ථාවේ සමගි ජන බලවේගය විසින් ධානපතියන් සම්බන්ධ කර ගෙන පාසල් සඳහා බස් රථ, පරිගණක හා සුහුරු පන්ති කාමර, රෝහල් සඳහා ඖෂධ ලබා දෙන විට නිර්ධන පාන්තිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන රටේ ලොකුම සමාජවාදී පක්ෂ විසින් දැඩි අපාහාසාත්මක ස්වරූපයෙන් බස් රථ රියදුරන්ට රටේ ජනාධිපති විය හැකිද කියා නින්දිත ප්‍රකාශ සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් තරුණයන් උපයෝගී කර ගෙන කැට හොල්ලා කෝටි ගණන් මුදල් එකතු කර සුඛෝපභෝගී පක්ෂ කාර්යාල ගොඩනගා සැප විදින කොට පොඩි මිනිසා අමතක වී ඇති බවත්, ඔවුන් ප්‍රභූ පැළැන්තියේ සමාජවාදීන් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසල්වලට බස්රථ ලබා දීමේ වැඩසටහනට ඔවුන් ඊර්ෂයා කරන බවත් දුෂ්කර පළාත්වල පාසල්වල දුවාදරුවන්ට ලබා දෙන සහනය තුළින් යම් ශක්තියක් ලැබී ඔවුන් ඉහළට පැමිණියහොත් කුහක දේශපාලනඥයන්ගේ දරුවන් මෙන් වැජබේවි කියා ඔවුන් ඊර්ෂයා කරන බවත් මෙම සමාජවාදී නායකයන් ප්‍රභූ පැළැන්තියේ පිරිස් අදින විශාල වටිනාකමින් යුත් ඇදුම් අදිමින් දුප්පත් ජනතාවට ලබා දෙන සහන විවේචනය කරන බවත් ඔවුන්ට වැඩ කිරීමට හැකියාවක් හා සම්බන්ධකමක් නොමැති නිසා මෙවැනි අපහාස කරන බවත් ඔවුන් වැඩබැරි ටාසන්ලා ලෙස වැඩ කරන පුද්ගලයන්ගේ ගමනට බාධා කරන බවත් පැවසීය.

එහෙත් මෙම සක්වල සහ හුස්ම වැඩසටහන විවේචන මැදින්, අපහාස මැදින් තවතවත් ශක්තිමත් ගමනක් යන බවත් එය කිසිවකුටවත් නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 55 වැනි අදියර. සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, ඊයේ (30) හක්මන ඌරුබොක්ක ජාතික පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.

මේ වන විට අප රට දුෂ්කරතා රාශියකට මුහුණ දී ඇති බවත් නවතම වාර්තාව අනුව ලෝක ආහාර සංවිධානයට අනුව අපේ රටේ ජනගහනයේ සියයට 76ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ජනගහනයේ සියයට 73ක් මිලෙන් මෙන්ම පෝෂණයෙන් ද අඩු ආහාර භාවිත කරන බවත් සියයට 52ක් පෙරට වඩා භාවිතයට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවත් සියයට 40ක් එදිනෙදා වේල් 3 පිරිමහ නොගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මහාචාර්ය ස්ටීව් හැන්කිට අනුව ලංකාවේ රුපියල ලෝකයේ සෙසු මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව වැඩිපුරම අවප්‍රමාණය වන මුදල් ඒකකය බව යි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් රුපියල අතුරුදන් විය හැකි බවත් පාන් ගෙඩියක් ගන්න වීල්බැරෝවකින් මුදල් ගෙන යා හැකි තත්ත්වයක් ඇති විය හැකි බවත් පැවසීය.

වැල් පාලමෙන් රට ගොඩකරනවා කිව්වත් රාජපක්ෂවරු පමණක් වැල් පාලමෙන් ගොඩ වී සෙසු ජනතාව වැල් පාලමෙන් පාතාලයට වැටුණ බවත් මේ නිසා රටේ ජනතාව මරණ මංචකය කරා ගෙන යන යුගයකට පත්ව ඇති බවත් රජයට පාසල්වල හෝ රෝහල්වල අඩුපාඩු සකස් කිරීමට මුදල් නොමැති බව කියන නිසා ජනතාව අතිශය අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩු පත් කර ගන්නේ මෙවැනි ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මිස එම ප්‍රශ්න මඟහැර යාමට නොවන බව යි. ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙනවා වෙනුවට එවැනි ප්‍රශ්න මගහැර යාම දක්නට ලැබෙන බව ද පැවසීය.

මේ වන විට අප රටේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් බවත් විශ්වවිද්‍යාල සිසුවෙකුට තම මතය ප්‍රකාශ කිරීමට හෝ නොමැති බවත් නීතියට අනුව වරදක් කර ඇත්නම් ඒ සදහා නීතිය මඟින් කටයුතු කරනවා මිස රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන එක අනුමත කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට අප සැම එකා මෙන් නැගී සිටිය යුතු බව යි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan