යුද හමුදාව සහ සීඑච් සම වෙයි

Date:

නිපොන් පේන්ට් වර්ණ ගන්වන ජාතික රගර් ලීග් සූරතාවලියේ තියුණුම තරගය ඊයේ දකින්නට ලැබුණු අතර ඒ අනුව කොළඹ තුරඟ තරග පිටියේ යුද හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 31 – 31 සේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා.තරගයේ පළමු අර්ධයේදී ලකුණු 17 – 14 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ රැඳුණ ද,තරගයේ දෙවන භාගයේ දී එම ප්‍රතිපලය කණපිට ගසන්නට සීඑච් කණ්ඩායම සමත් වුණා.ඒ අනුව දෙවන අර්ධයේදී සීඑච් කණ්ඩායම ලකුණු 7 ක් ලබමින් යුද හමුදා කණ්ඩායම ලකුණු 14 ට සීමා කළා.


මේ අතර සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම විසින් ලොන්ඩන් පිටියට කැදවා ගත් ආරාධිතයන් වූ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 36 – 19 ක ජයක් වාර්තා කරනු ලැබුවා.තරගයේ දෙවන අර්ධයේ ලකුණු 12 – 12 ක් ලෙස සම මට්ටමේ සිටිය ද,දෙවන අර්ධයේදී වේගයෙන් ක්‍රියාත්මක වූ සීආර් ක්‍රීඩකයෝ තවත් ලකුණු 24 කින් සිය ලකුණු ප්‍රමාණය ඉහළ දමා ගත්හ.ඒ වේගයට සාපේක්ෂව පසු බැසි පොලිස් කණ්ඩායමට එකතු කර ගන්නට හැකි වුයේ ලකුණු 7 ක් පමණි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...