*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/31

1. 2022 හි සිව්වන කාර්තුවේ දරුණු ආර්ථික හැකිලීමක් සහ 2022 වසරෙහි වසරින් වසර (YoY) සියයට 9.3 ක ඍණ සම්පූර්ණ ආර්ථික හැකිලීමක් විශ්ලේකයෝ පුරෝකථනය කරති – පෙර වසරෙහි සියයට 8.7 ක ඍණ ආර්ථික හැකිලීම පිළිබඳ කළ පුරෝකථනයට වඩා මෙම වසරෙහි පහත වැටීමක් පෙන්වයි – 2023 සඳහා ද ආර්ථික වර්ධනය පහත වැටෙන බවක් දක්නට ඇත.

2. ශ්‍රී ලංකාව 2023 දී පාත්‍රයක් ද රැගෙන ලොවවටා යා යුතු නැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති – ජාතිය ගොඩනැගීම සඳහා නව ව්‍යුහයක් ස්ථාපිත කරන මෙන් ඉල්ලා සිටිති – විවේචකයන් පවසන්නේ කාදිනල්තුමා දැන් දේශපාලන කටයුතුවලට දැඩි ලෙස සම්බන්ධ වී සිටින බවත්, නැඟී එන ක්‍රිස්තියානි නිකායන් හමුවේ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියට තම බැතිමතුන් අහිමි වෙමින් පවතින බවත් ය.

3. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වසරින් වසර (YoY) උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 61.0 සිට දෙසැම්බර් මාසයේදී සියයට 57.2 දක්වා පහත වැටේ – ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 73.7 සිට දෙසැම්බර් මාසයේදී සියයට 64.4 දක්වා පහත වැටේ – විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිඵලය 2021 නොවැම්බර් මාසයේ සිට ඉහළ පාදක බලපෑම හේතුවෙන් සිදු වූවක් බවයි.

4. 2022 දෙසැම්බර් 31 වැනි දිනෙන් ඔබ්බට පමාසහන කාලය දීර්ඝ කරන ලෙස දේශීය ව්‍යාපාර මහ බැංකුවෙන් ඉල්ලා සිටී – පවතින ඉහළ පොලී අනුපාත මධ්‍යයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය ගැනීම් රු. බිලියන 1,000 දක්වා ළඟා වී ඇති බවත්, ඒවා ආපසු ගෙවීමට එම අංශය අරගල කරන බවත් පවසයි – පමාසහන කාලය දිගු නොකළහොත් බැංකු ක්ෂේත්‍රය කඩා වැටෙනු ඇතැයි අනතුරු අඟවයි.

5. විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කරමින් සමාජය නොමඟ යවන බවට තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි.

6. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ මානුෂීය අභියාචනයට ඇමරිකානු ඩොලර් මිලියන 101.5 ක ප්‍රතිචාරයක් ලැබී බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය නිවේදනය කරයි – එවැනි අරමුදල්වලින් අවදානමට ලක්විය හැකි මිලියන 3.4 ක ජනතාවට මානුෂීය ආධාර සැපයීමට බලාපොරොත්තු වන බව ද පවසයි.

7. මහ බැංකුව විසින් පූර්ව තීරණය කළ පරාසයක් තුළ රුපියල “ස්ථාවර” කර මාස 7-1/2 කට වැඩි කාලයක් ගතවෙයි – හිටපු මහබැංකු අධිපති කබ්රාල් යටතේ රුපියල “ස්ථාවර” කිරීම පිළිබඳ කලින් විවේචනය කළ විශ්ලේෂකයන් මේ වන විට 2022 මැයි 12 සිට වත්මන් මහබැංකු අධිපති වීරසිංහ ද අනුගමනය කරන “ස්ථාවර” විනිමය අනුපාත ප්‍රතිපත්තිය පිළිගැනීමට පටන් ගෙන තිබේ.

8. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, හානිකර සහ නොමඟ යවන සුළු අන්තර්ගතයන් ඇතුළත් සංස්කරණය කළ බව කියන වීඩියෝවක් ප්‍රචාරය කරමින් තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඔහුගේ හිටපු පෙම්වතියක් යැයි පැවසෙන ආදර්ශා කරන්දනගෙන් රුපියල් බිලියන 1.5 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවයි.

9. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි (99) ගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ශෝකය ප්‍රකාශ කරයි – අග්‍රාමාත්‍ය මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “මහිමාන්විත සියවසක් ගත කළ ඇය දැන් දෙවියන් වහන්සේගේ පාමුල සමාදානයේ සිටින” බවයි.

10. 2022 දෙසැම්බර් 31 වැනි දින වන විට රාජ්‍ය නිලධාරීන් 30,000ක් සේවයෙන් විශ්‍රාම ගිය ද රජයේ ආයතනවලින් සපයන සේවාවන්ට කිසිඳු බාධාවක් නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan