අපි ISB ණය ගෙවන්නෙ නෑ කිව්වොත් ඒ ව්‍යාපාරිකයින් “හා කමක් නෑ මචං” කියනවා – හඳුන්නෙත්ති (VIDEO)

Date:

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) සඳහා මුදල් ආපසු ගෙවීමට ප්‍රමුඛතාවක් ලබා නොදෙන බවත් ඇත්තෙන්ම එම බැඳුම්කර මිලදී ගත් අයට එවන් ප්‍රමුඛතාවක් ලබා දියයුතු නැති නමුත් වත්මන් මෝඩ පාලකයින් මුලින්ම ඒ ISB සඳහා මුළු පොළියම ගෙවා දමා දැන් ගණන් හද හදා සිටින බවත් ජාජබ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ඔය ISB වලට අපි හිරවුණේ ඇයි ? ඔයා හොඳට හොයලා බලන්න මනෝජ්, ඔය ISB (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර) වලට සල්ලි දාන ව්‍යාපාරිකයො ඔක්කොම දාන්නෙ රිස්ක් එක අරගෙන. ඒ පොළිය ගණන් හදන්නෙම ඒගොල්ලො රිස්ක් එක දාලා. එතකොට ඒ පොළියෙන් ඒගොල්ලො දැන් ඒ රිස්ක් එක අරන් ඉවරයි. අපි ISB ණය ගෙවන්නෙ නෑ කිව්වොත් ඒගොල්ලො කියනවා හා කමක් නෑ මචං කියලා. මොකද ඒගොල්ලො දැන් පොළිය ඇතුළෙ රිස්ක් එක තියෙනවා ඒගොල්ලොන්ට. අවදානම් ආර්ථිකයන්ට සල්ලි දාන එක තමයි ISB කියන්නෙ. තේරුණාද ? එතකොට සල්ලි දානකොටම කාලය, පොළිය හදන්නෙම රිස්ක් ඇනලිසිස් එකක් කරලා. අවදානම් තක්සේරුවක් කරලා. හරිද ? ඕක දන්නෙ නැති මෝඩ දේශපාලකයො මුළු පොළියම ගෙවලා ඒක දැන් ගණන් හද හදා ඉන්නවා මේක ගෙව්වෙ නැතොත් අපට කෙළවෙනවා කියලා. මම කියන්නෙ අපි නෙගෝෂියේට් කරන්න ඕනෙ එහෙමයි. අපිත් ගෙවන්න වෙනවා, හැබැයි අපි ගෙවනකොට අපේ ප්‍රමුඛතාවය ඒ ණය ගෙවන එක නෙවෙයි. මොකද ඔය ISB එක ගෙව්වෙ නෑ කියලා ඔය රටවල් වැටෙන්නෙ නෑ. ඔය රටවල්වල ඔය ඉන්න මෝගන් හරි ඔය කොම්පැනි, බැංකු ටික එකක්වත් වැටෙන්නෙ නෑනෙ අපේ ණය ගෙව්වෙ නෑ කියලා වාරිකේ ? තේරුණාද ? අපට ඊට වඩා ප්‍රශ්න තියනවානෙ දැන්. අපට මිනිස්සුන්ට කන්න දෙන්න ඕනෙ, බෙහෙත් දෙන්න ඕනෙ, රට හදාගන්න ඕනෙ, ආයෝජකයොන්ට සල්ලි දෙන්න ඕනෙ, ව්‍යාපාරවලට සල්ලි දෙන්න ඕනෙ, මේ පණ ගහන ව්‍යාපාර ටික නැගිට්ටවලා ගන්න ඕනෙ, සංචාරක කර්මාන්තයේ ඉන්න මිනිස්සුන්ගෙන් අහලා බලන්න. වෙන කරන්න දෙයක් නැතිකමට ඉන්නෙ ඒ මිනිස්සු. බෙල්ලෙ වැල දාගන්නවා කොයි වෙලාවක හරි. ඒ මිනිස්සුන්ටනෙ අපි අත දෙන්න ඕනෙ. අපට අරගොල්ලන්ට කියන්න පුළුවන් ඕගොල්ලො රිස්ක් ඇනලිසිස් එකක් කරලා බලන්න, ඕගොල්ලො දැනටමත් අපේ පොළියෙන් අරන් තියෙන්නෙ, හැබැයි අපි ගෙවන්නම්, හැබැයි ආර්ථිකය හදාගෙන. අපට කාලයක් දෙන්න. හරි සාධාරණයිනෙ ඒක ? නේ ? IMF එකට වුණත් අපට කියන්න පුළුවන් එච්චරයි. ඕගොල්ලො අපට ණය දෙනවා නම් දෙන්න, හැබැයි අපි ගෙවනවා, අපි ගෙවන්නෙ සාධාරණ කාලය අපට දෙන්න. හැබැයි ඔය කොන්දේසි අපට එපා”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ නෙත් එෆ් එම් නාලිකාව සමග පැවති දේශපාලන සංවාදයකදී අදහස් දක්වමිනි. ජාජබ රජයක් යටතේ මුදල් අමාත්‍යාංශය භාරදීමට නියමිතව ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රමුඛ කණ්ඩායමකට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...