රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (01) දිනය තුළ නව වසරේ රාජකාරී ආරම්භ කරන  සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

ඒ බව දැනුම් දී ඇත්තේ , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමිණි.

හෙට පෙරවරු 09ට, එහි ප්‍රධාන නිල උත්සවය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා සමස්ත රාජ්‍ය සේවයම ඒ සඳහා තිර අදිටනින් කැප විය යුතු බැවින් ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරන සියලු රාජ්‍ය ආයතනවල මෙම උත්සවය පැවැත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී ඇත.

එහි දී සියලු රජයේ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඬ නගා කියවීම ද සිදු කළ යුතු බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...