සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 02, කොළඹ (LNW):දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් වනු ඇති බවත්, කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ , ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි.
ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බවත්, සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.