අත්අඩංගුවට ගැනීමේ අවධානම් නොතකා රුසියානු විපක්ෂ නායකවරයාට සමුදීමට දහස් ගණනක් එක්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නීගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකයට පත් ප්‍රංශ සහ ජර්මානු තානාපතිවරු ඇතුළුව දහස් ගණනක් වූ රුසියානුවන් අවසන් මොහොතේ ඔහුට සමු දීමට එක්ව සිටි බව වාර්තා වේ.

ක්‍රෙම්ලිනය විසින් විරෝධතා කරුවන් අත්අඩංගුවට ගන්නා බවට අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබූන මුත් එය නොතකා විශාල ජනකායක් බොරිසොව්ස්කෝයි සුසාන භූමියට රැස්ව සිටි අතර මෙහිදී නවාල්නිගේ අවමංගල්‍යය පැවැත්වූ මොස්කව්හිදී අත්අඩංගුවට ගැනීම් හයක් ඇතුළුව නගර 16ක අත්අඩංගුවට ගැනීම් 67ක් වාර්තා විය.

රුසියාව තුළ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දරුණුම විවේචකයා වූ නවාල්නි, පසුගිය පෙබරවාරි 16 වන දින ආක්ටික් දණ්ඩ යටත් විජිතයක දී හදිසියේ මිය ගිය අතර ඔහුගේ ආධාරකරුවන් නවලිනී ඝාතනය කළ බවට රජයට චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...

ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

“දිට්වා” මෙරට තේ කර්මාන්තයට බලපෑවේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඩිට්වා සුළි කුණාටුව...

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...