මාකොළ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW):පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්, මාකොළ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ, දීර්ඝ කාලයක සිට නිවසක් තුල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් මෙලෙස වැටලීමට සමත්වූ බවයි.

අදාළ වැටලීම සිදු කර ඇත්තේ, පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ සපුගස්කන්ද පොලිස් වසමේ අංක 36, ෆාතිමා මාවත, මාකොළ යන ලිපිනයේ පිහිටි නිවසේ දීය.

එහිදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා උපකරණ සහ ඒවා බෙදා හැරීම සදහා සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 20 ත් 52 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එම පුද්ගලයින් කැළණිය, වත්තල, හෝමාගම සහ නෝටර්න්බීච් යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන බව වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...