*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

මීටර් 400 කඩුල්ල කාන්තාවන්ට උස වෙන හැටි

ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන පැවත්වූ දෙවන ⁣මලල ක්‍රීඩා තේරීම් තරගයේදී දෙවන ස්ථානය දිනා ගත් 18 හැවිරිදි අමේශා හෙට්ටිආරච්චි කොළොම්ඹියාවේ පැවත්වෙන ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනයට සුදුසුකම් ලබා ගත්තා.ප්‍රවීන පුහුණුකරුවෙකු වන එස්.පී.විතාන යටතේ පුහුණුව ලබන ඇය වර්ථමානයේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.මීට පෙර ඇය මහනුවර විහාර මහාදේවී විද්‍යාලයේ ඉගෙනුම ලබන අතරේත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටට කීර්තිය ගෙනා ක්‍රීඩිකාවක්.

තේරීම් තරගයේදී ඇය ⁣ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අපෙක්ෂා කළ තත්පර 61 ක කාලයෙන් මෙ’පිටට එමින් තත්පර 60.49 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.

ලංකාවේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජාතික වාර්තාව තත්පර 56.45 ක්.එය ඇමෙරිිකාවේ විසූ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක වන ක්‍රිස්ටීන් මෙරිල් සතු වෙනවා.
ක්‍රිස්ටීන් වැඩි කාලයක් ඇමෙරිකාවේ ගත කළ අතර ඇය වැඩි අවස්ථා ගණනකදී තරඟ වැදුණේ ඇමෙරිකානු ක්‍රීඩා පිටි තුළයි.

එසේම පාසල් වියේදීම ඉහළ දක්ෂතා දැක් වූ රත්නපුර සුමන බාලිකාවේ මේනකා නිල්මිණි කළුපහණ කියුබාවේ අධ්‍යාපනයට යොමු වුණා.අද ඇය ආචාර්ය උපාධියක් ද සමඟ මෙක්සිකෝවේ සේවය කරනවා.

නිල්මිණිගේ දක්ෂතා සෙවණේ වැඩුණු නයෝමි ගිම්හානි ජයතිලක අවුරුදු 15 දී පමණ ජාතික ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු ඉසව්ව ජය ගන්නවා.අද ඇය ශාරිරික අධ්‍යාපනය සම්බන්ධ ගුරුවරියක්.අඩුම තරමේ ඇය ඉතා කුඩා අවධියේම රට නියෝජනය කිරීමට ගරු කරමින් ස්ථාන මාරුවක වරප්‍රසාදයක් ගන්නට තරම් ඒ දස්කම් වටින බවක් අදටත් දකින්නට නැහැ.ඇයව වාර්තා කළ දක්ෂතාවලින් ඉදිරියට තල්ලු කරන්නට වඩාත් හොඳ තරගකාරී තැන් හී තරග වදින්නට ඇයට පදනමක් සකස් වුණෙත් නැහැ.

ඉන් පසුව අපට හමුවන්නේ ආසියාතික මට්ටමෙන් කණිෂ්ඨ පදක්කමක් ගෙනා අඹගමුව විද්‍යාලයේ යමානි දුලාංජලී ය.ඇය කණිෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙස ආසියාව ජය ගත්තාය.පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් පදක්කමක් දිනුවාය.ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිංගප්පූරු විවෘත තරගාවලියද ජය ගත්තාය.එහෙත් ඇයව රැක බලා ගන්නට වැඩ පිළිවෙලක් නොවුණාය.අද ඇය පාසල්වලට බඳවාගත් ක්‍රීඩා පුහුණුකාරියක්ය.

⁣මීටර් 400 කඩුලු කාන්තා ඉසව්ව පමණක් නොව බොහෝ ඉසව්වල තත්ත්වය මීට බොහෝ සෙයින් සමානය.එහෙත් මෙය ක්‍රිස්ටීන්ගේ කාලය හා සසඳද්දී ඒ මට්ටමෙන් බොහෝ පහළ තිබෙන බව පැහැදිළිය.එය වෙනස් කිරීමටනම් ක්‍රිස්ටීන්ගේ කාලය හා සමාන කාලයන් දරන පරිසරයන්හී නිතර තරග අවස්ථා ඇති කළ යුතුව ඇත.අඩුම තරමේ අනාගතය සැළසුම් කරමින් අමේශාට මෙන්ම ඉසව්වේ අංක දරණ තව බොහෝ කාලයක් ඉදිරියට ඇති කෞශල්‍යයා මධුශානිගේත් දක්ෂතා වර්ධනයට අවශ්‍යය තරග අවස්ථා බහුල කළහොත් මෙම ඉසව්ව සම්බන්ධ මීට බෙහෙවින් වෙනස් යහපත් කතාවක් ලියන්නට ලැබෙනු ඇත.

විවේචන ප්‍රහාර හැටියට ගැනීමේ දුර්වලකම හමාර වෙන තැන ඒවාට ආශිර්වාද සේ වෙස් ගන්නට හැකියාව ඇත.අපි අමේශා සහ 400 කඩුලු කාන්තා ඉසව්ව දෙස සුබවාදී හැගීමකින් බලධාරීන් බලනු ඇතැයි විශ්වාසය පෙරදැරිව බලා ඉන්නෙමු.

RM

මේනකා නිල්මිණි කළුපහන
ක්‍රිස්ටීන් මෙරිල් (වම) නයෝමිකා ගිම්හානි ජයතිලක (දකුණ)
යමානි දුලාංජලී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan