බැඩ්මින්ටන් ගැටවර ගැටවරියෝ දකුණු ආසියාවේ ඉහළම තැන ලංකාව තබති

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 05, කොළඹ (LNW): පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවත්වෙන දකුණු ආසියානු අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියට යළිත් හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවට හැකි විය.වයස් කාණ්ඩ දෙකේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්,ක්‍රීඩිකාවක් හෝ ක්‍රිඩක ක්‍රීඩිකා යුගලයක් පරාජයට පත් තරගයක් ලෙස කණ්ඩායම් තරගාවලියේදි වාර්තා වුණේ එක් තරග පරාජයක් පමණක් වන අතර ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ඉහළින්ම දස්කම් දැක්වීමට සමත් විය.


ශ්‍රී ලංකාවේ අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මේ තරගාවලියේදී සෙසු දකුණු ආසියාතික රටවල් හා සසඳද්දී විශාල ලෙස ඉදිරියෙන් සිටින බව දකින්නට ලැබිණ.ඊට හේතු ලෙස යොවුන් ක්‍රීඩකයින් වෙනුවෙන් සිඳුවන දීප ව්‍යාප්ත වැඩ සටහන්,ජාතික මට්ටමෙන් පවත්වන තරගාවලි සියල්ලටම පාහේ එම වයස් ඛාණ්ඩවල තරග ඇතුළත්වීම නිසා රට අභ්‍යන්තරයේ තරගකාරීත්වය ඉහළ යාම වැනි කරුණු ද බලපාන බව කිව හැකිය.තරග මානසිකත්වය තුළ ක්‍රීඩකයා වර්ධනය වීම සහ පුහුණුව තුළ වර්ධනය වීම යන කාරණා දෙකම ක්‍රීඩකයෙක්ගේ ඉදිරි ජයග්‍රහණ සඳහා වැදගත් වන අතර කළාපයේ බැඩ්මින්ටන් ප්‍රබලයා වන ඉන්දියාව මේ තරගාවලිය නියෝජනය නොකළ ද,ශ්‍රී ලංකාව කණ්ඩායම් ඉසව්ව තුළ පෙන් වූ දස්කම් සුළු කොට තැකිය නොහැකිය.


තරගාවලියේ අවුරුදු 15 න් පහළ අනු සූරතාවය නේපාලයට හිමි විය.අවුරුදු 17 න් පහළ අනු සූරතාවය හිමි වූයේ සත්කාරක පකිස්තානයටය.අද මෙම තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා සළකා බලන කේවල,යුගල සූරතා සළකා බැලෙන තරග ආරම්භවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...