ප්‍රංශය ඉතිහාස ගත වේ, ගබ්සාව ව්‍යවස්ථාවට ඇතුලත් කළ ලොව පළමු රට බවට පත් වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශය ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත්කර තිබෙන අතර ගබ්සාවක් සිදුකිරීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුලත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්වනු ඇත.

ගබ්සාවක් සිදුකිරීම සදහා කාන්තාවන්ගේ සහතික කළ නිදහස තහවුරු කිරීම සදහා 1958 වසරේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, ඡන්ද 780ට 72ක් ලෙස අතිවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කර ඇත.

ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හඳුන්වන්නේ, මෙය ප්‍රංශයේ අභිමානය සුරකින හා විශ්වයට පණිවුඩයක් යැවු සිද්ධියක් ලෙසයි. වතිකානය හා ගබ්සාවට එරෙහි කණ්ඩායම් මෙය දැඩිව විවේචනය කරන බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...