බැසිල් ආවේ ඇයි?උද්දික NPP යයිද? බෙල්ලනට ජාතික රෝහල කැප නෑ..සමඟ උදෑසන DAILY NEWS @8

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 . කොළඹ (LNW):

@ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

@ එස්. සී. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහා වේ.


@ පොහොට්ටුවේම කෙනෙක් යළි ජනාධිපති වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වූ දෙයම වෙන්නට ඉඩ නොදෙන බව රෝහිත අබේගුණවර්ධන පවසයි.

@කොළඹ ග්‍රාමීය බැංකු ශාඛා 24කින් රුපියල් ලක්ෂ 5400ක් වංචා කළ එන්ට්‍රස්ට් නම් ආයතනය ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි? සජිත් ප්‍රශ්න කරයි

@බැසිල් කවුද ? එයාට මොනවත් කරන්න බෑ. අපේ ගැහැණු දිහා බැලුවාම ඡන්ද කල්දාන්න කොහොමත් බයයි – අනුර පවසයි.

@ උද්දික නව පාරකින් වෙනස් ගමනකට සැරසෙන ලකුණු!

@බෙල්ලනට අදත් විරෝධය,පොලිස් ආරක්ෂාව යට‍තේ රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කරයි!

@ අපි මීට කලින් මීට වඩා පඩි වැඩිකරගෙන තියෙනවා. මේක මේ ඉතිහාසයේ අඩුම එකක් – මහබැංකු වෘත්තීය සමිති කියයි.

@සැකකරුවෙකුට පහරදී ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය !

@ සුපිරි පෙට්‍රල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල අඩුකර ඇති අතර බහුලව භාවිතා කෙරෙන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල්වල මිල වෙනස් කර නොමැත.

@බාල ඖෂධ : විශේෂඥ වෛද්‍යවරුන්ගේ වංචා යට ගහන්න පැපොල් ඇපල් කරන ගේමක් – කුමුදේශ් හෙළිකරයි

@කෘෂි කාර්මික අංශයේ දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

@ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර!

@ප්‍රංශය ඉතිහාස ගත වේ, ගබ්සාව ව්‍යවස්ථාවට ඇතුලත් කළ ලොව පළමු රට බවට පත් වේ!

@එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ට මැතිවරණය තහනම් කළ කොලරාඩෝ තීරණය ඒකමතිකව නැවත හරවයි

@පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවත්වෙන දකුණු ආසියානු අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියට යළිත් හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...