*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ග්ලාස්ගොව් හී ලලනා බැබලීමත් සමඟ කාන්තා දිනයට world Athletics වෙතින් වැඩ සටහන් මාලාවක්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 06 , කොළඹ (LNW): ග්ලාස්ගොව් හී පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය ලලනා සහභාගීත්වයෙන් ඔප වැටුණු තරගාවලියක් විය. පළමු වතාවට ගෝලීය මලල ක්‍රීඩා ශූරතාවලියක සහභාගීත්වය ගත් විට කාන්තාවන් පිරිමින්ව අභිබවා ගියේය. ග්ලාස්ගෝ හි, සියලුම සහභාගිවන්නන්ගෙන් 50.8% ක් කාන්තාවන් විය (මුළු 586 න් 298).


තරගාවලියේ ඉදිරිපත් කිරීම් නැතිනම් සහභාගීත්වය ඉක්මවා ගිය දක්ෂතා ගත්තද ඉදිරියෙන් සිටියේ කාන්තාවන්ය.උළෙල පාදක කරගෙන වාර්තා වූ නව ගෘහස්ථ ලෝක වාර්තා දෙකම කාන්තාවෝ සතු කර ගත්හ. ෆෙම්කේ බෝල් මීටර් 400 (තත්පර 49.17) සහ ඩෙවින් චාල්ටන් මීටර් 60 (තත්පර 7.65) කඩුලු මතින් දිවීම හරහා ලෝක වාර්තා පොතට සිය නම් ඇතුළත් කර ගැනීමට සමත් වූහ.ෆෙම්කේ නෙදර්ලන්තයේ ය.ඩෙිවින් චාල්ටන් බහමාස් නියෝජනයකි.


තරගාවලියට අදාළව වාර්තා වූ ශූරතා වාර්තා පහෙන් තුනක්, කළාපීය වශයෙන් ගත් විට වාර්තා වූ වාර්තා 10 න් හතක් සහ පුද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කිරීමේ අවස්ථා 93 න් 50 ක් ද කාන්තා නියෝජනය කරන්නේ කාන්තාවෝය.ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ගත් විට ද ඉහළ සාමාන්‍ය ප්‍රතිඵල ලකුණු ද කාන්තාවන් සතු විය. (කාන්තාවන් සඳහා 1121, පිරිමින් සඳහා 1094).


තරගාවලියේ සංවිධානයට අයත් වූ ශූරතාවලියේ ක්‍රියාකාරී ක්ෂේත්‍ර 15 න් 11 ක් කාන්තාවන් විය.එය ප්‍රාදේශීය සංවිධායක කමිටුවේ නායකත්වයන් හා සසඳා බලන විට 75% ක නියෝජනයකි.
මේ සමඟ මලල ක්‍රීඩාව තුළ කාන්තාව ඇගයීමේ මාවතකට මේ සතිය විවෘත කරන්න ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ අවධානය යොමු වෙන්නේ ලෝක කාන්තා දිනය මුල් කර ගෙනය.එවැනි සිඳුවීමක ආරම්භය සටහන් වන මොහොතට අදාළව ලෝක මලල ක්‍රීඩා පිටිය තුළ කාන්තාව මෙසේ ඉදිරිගාමීව දැකීම අපූර්ව සිඳුවීමක්ය. 2024 මාර්තු 5-10 දක්වා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට ආදළ වැඩ සටහන මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී වන අතර එහි සියළු කාර්යයන් හී දායකත්වයද කාන්තාවන්ම වීම විශේෂත්වයකි.


ගෝලීය වශයෙන් විවෘතව ඇති WeGrowAthletics යටතේ ලෝකයට විඳින්නට හැකි සේ විවෘත කර ඇති වීඩියෝ වැඩ සටහන් මාලාවකින් නවසීලන්තයේ වැලරි ඇඩම්ස්, උගන්ඩාවේ හලිමා නකායි සහ කෙන්යාවේ මිල්කා කෙමෝස් වැනි විශිෂ්ඨ ක්‍රිඩිකාවන්ගේ වෘත්තීය මලල ක්‍රීඩා ජීවිතයට අදාළ විශේෂ සටහන් සාකච්ඡාවට ගැනෙනු ඇත.


ඉතියෝපියාවේ මෙසෙරෙට් ඩෙෆා සමඟ වන විශේෂාංගය සම්බන්ධ වන්නේ උරුමයන් පිළිබඳවය.ක්‍රීඩිකාවන්ට ඇති විය හැකි බලපෑම් කේෂ්ත්‍රයන් ගැන කතා බහ කරන්නේ කැනේඩියානු ජාත්‍යන්තර ධාවකයෙකු වන සාෂා ගොලිෂ් පෙරිමෙනෝපෝස් ය.එසේම එරිත්‍රායානු ධාවන සූරියන් ගණනාවක් ඇසුරෙන් කරන ලද වැඩ සටහන් ද මේ වැඩ සටහක් ජාලයට ඇතුළත් කර ඇත.


මීට අමතරව, මාර්තු 7 වන බ්‍රහස්පතින්දා, ලෝක මලල ක්‍රීඩා විසින් ගෝලීය මාර්ග ධාවන ප්‍රජාවේ ආශ්වාදජනක ක්‍රීඩිකාවන් සහ පරිපාලිකාවන් ඇතුළත් ‘ධාවනය තුළ කාන්තාවන් සැමරීම’ යන මාතෘකාව යටතේ වෙබ්නාර් ක්‍රමයට මාර්ගගත වැඩ සටහනක් ප්‍රචාරය කිරීමට ද වැඩ කටයුතු සකස් කර ඇත. මේවා රූපමය මාධ්‍යයෙන් විද ගැනීමට ලෝකය පුරා මලල ක්‍රිඩාවට ආදරය කරන පිරිස වෙත විවෘත කර ඇති අතර ඒ සඳහා https://worldathletics.org/ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ඔබටත් අවස්ථාව උදා කර ගැනීමට හැකියාව ඇත.ලෝකය කුඩා කරන ලෝකයේ දැවන්තම චරිත වඩා සමීපව ඇසුරට ඉඩ හදන තාක්ෂණික මෙවලම් වලින් ජීවිතය ඉගෙන ගන්න මේ කාන්තා දින වැඩ සටහන් කාන්තාවන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී ක්‍රීඩා ප්‍රේමී ජනතාවටම මඟ කියනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan