කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද (06) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ප්‍රශ්න කර සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් විමසා සිටියේ දැනට විශ්‍රාමිකව සිටින මහ බැංකු නිලධාරීන්ටද එම වැටුප් වැඩි වීම වලංගුද යන්නයි. ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවටයි විපක්ෂ නායකයා අවධාරණය කළේ.
මේ අතර මහ බැංකුවේ බුද්ධිගලනය නතර තිබූ එකම ක්‍රමය ඔවුන්ට වැටුප් වැඩිකිරීමද යන්නත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේය.