පොලිස් කාන්තාවකට ලිංගික අතවර කිරීම : කල්පිටිය හිටපු OIC රිමාන්ඩ්

Date:

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි කල්පිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති නිශාන්ත කුමාර මාර්තු 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ.

ඒ, හිටපු ස්ථානාධිපතිවරයා විසින් පැමිණිලිකාරියට බලපෑම් කිරීම පිළිබදව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

සැකකාර හිටපු ස්ථානාධිපතිවරයා මෙම නඩුව මීට පෙර කැඳවූ පෙබරවාරි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීම ද විශේෂත්වයකි.

එසේවෙතත් ඊට පසුදින සැකකාර හිටපු ස්ථානාධිපති මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබුණි.

සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ නිර්දේශ යටතේ පෙබරවාරි මස 15 දින සිට වැඩ තහනමට ලක්කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...