*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

විනිසුරු සහයත් ගෙන බංගලාදේශය තරගාවලිය සම කර ගනියි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW):

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු අටකින් ජය ගන්නට බංගලාදේශය සමත් වුණේ සුවිශාල ලැජ්ජාවක් ද එකතු කර ගනිමින්.ඒ් බංගලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය සකර් නොදැවුණු බවට මුළු ලකුණු 28 දී තෙවන විනිසුරු දුන් වැරදි තීන්දුව එම ජයග්‍රහණයට බෙහෙවින් බල පෑ නිසයි.අනතුරුව සෞම්‍ය සකර් මුළු ලකුණු 68 වන තෙක් කඩුල්ලේ රැදී සිටීමේ භාග්‍යය උදා කර ගත්තා.
බිනුර ප්‍රනාන්දුගේ පන්දුවකට සෞම්‍ය දුන් උඩ පන්දුව කුසල් මෙණ්ඩිස් රැක ගත් අතර එය විනිසුරු දැවීමක් හැටියට තීරණය කරනු ලැබුවා.පිතිකරු පසුකර යන පන්දුව පිත්තේ පසු දාරයේ ස්පර්ශවීම මෙහදී දකින්නට ලැබෙනවා.එහෙත් සෞම්‍ය සකර් තෙවන විනිසුරුට යොමු කළ පසු එය පැහැදිළිව දැක පිටියෙන් ඉවත්වීම සඳහා හතරේ සීමාව වෙත ඇවිඳ යමින් සිටියදී තෙවන විනිසුරු මසුදූර් රහ්මන් එය නොදැවිමක් බව ප්‍රකාශ කර සිටියේ විස්තර විචාරකයන්ද පුදුමයට පත් කරමින්.
ඒ් අවමන් සහගත සිදුවීමෙන් පසුව තරගය ශ්‍රී ලංකාවෙන් ගැලවී යන්නට පටන් ගත් අතර ශ්‍රී ලංකාව ද මෙහිදී කල්පනාවට ගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා.

පළමුවැන්න පිතිකරණයේදී පළමු තරගයේදී තරම් සාර්ථක වන්නට අපොහොසත්වීම.ඊට ආරම්භක පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු යළිත් අසාර්ථක වීම තදින් බලපෑවා.තරගයේ පළමු පන්දු ඕවරයේදී ඔහු නිලකුණු ඕවරයක් බංගලාදේශයට ලබා දුන්නා.


මේ පසුබෑම මෙන්ම කමිඳු මෙණ්ඩිස් දුවද්දී දැවී යාමත් අවසාන පන්දු ඕවර් කිහිපයේදී තවත් ලකුණු 20 ක් පමණ මඟ හැරී යාමත් නිසා ශ්‍රී ලංකා ඉණිම ලකුණු 165 ට සීමා වුණා.එසේම මෙම ලකුණු 165 රැක ගැනීම සඳහා පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව ලකුණු 23 ක් අතිරේක ලකුණු හැටියට බංගලාදේශයට පිරිනැමීම පරාජයේ බරපතලම කාරණය හැටියට ගත යුතු වෙනවා.


මතීශ පතිරණ මේ තරගයේදී පළමු තරගයට වඩා යම් පාලනයක් සහිතව පන්දු යැවූ අතර ඔහු විසින් ලබා දෙන අතිරේක වයිඩ් පන්දු ප්‍රමාණය නොවන්නට ඔහුට එරෙහිව ලකුණු ලබා ගැනීම අතිශය දුෂ්කර කාරණයක් බව මේ තරගයේදී ඔහු සනාත කර පෙන් වූවා.


කෙසේ නමුත් සෞම්‍ය සකර් වෙත ලැබුණු අවස්ථාවෙන් ඉනික්බිති පීඩනයෙන් බැහැරව පහර දීමට අවස්ථාව හිමි වූ බංගලාදේශ පිතිකරුවන් වඩා නිදහසේ පිත්ත හසුරුවන්නට ක්‍රියා කළා.ඒ අතරින් නායක නජ්මුල් හොසේන් සන්ටෝ රැස් කළ ලකුණු 53 නොදැවී පන්දු 38 න් වාර්තා වුණේ හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමඟයි.බංගලාදේශ තෙවන විනිසුරුවා විසින් පරාජය දෙසට නැඹුරු කළ සිදුවීම මත තැවෙනවා වෙනුවට ශ්‍රී ලංකාව තමන් අතින් සිඳු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් තෙවන තරගයට පිවිසීම වැදගත් වෙනවා.එම තරගයට මේ දක්වා ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද වනිඳු හසරංගත් නායකත්වය සමඟ එක්වීමට නියමිත බැවින් එය තරගාවලියේ සම තත්ත්වය ජයග්‍රාහී එකක් බවට පෙරලීමට අමතර ශක්තියක් සපයනු ඇතැයි සිතිය හැකියි.


පහතින් තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-2nd-t20i-1419825/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan