බලශක්ති ක්ෂේත්‍රය පණ ගන්වන ෂෙල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07 , කොළඹ (LNW): වසර 63කට පසු ෂෙල් සමාගම යළි මෙරට බලශක්ති ක්ෂේත්‍රයට එක්වන බව පැවසේ.

මෙරට කටයුතු කළ ෂෙල් ඉන්ධන සමාගම 1961 දී රජයට පවරා ගත් අතර , පසුව එම සමාගම ඔවුන්ගේ ආසියාවේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ඉවත් කර සිංගප්පුරුවේ ආරම්භ කළේය.

අද වන විට එය සිංගප්පුරුවේ දැවැන්ත සමාගමක් බවට පත්ව තිබෙන අතර, ඒ අනුව සිංගප්පුරුවට බලශක්ති ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත්වීමට හැකිවිය.

කෙසේ වුවද ෂෙල් සමාගමේ ප්‍රථම ඉන්ධන නෞකාව යළි ලබන 19 වනදා කොළඹ වරායට ඇතුලු වීමට නියමිතයි.

රජයේ බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ මෙම සමාගමට ඉන්ධන ආනයනය ගබඩා කිරීම හා බෙදා හැරීම සඳ හා අවසර ලබාදී තිබෙන අතර , ඒ වෙනුවෙන් රජය ඉන්ධන පිරවුම්හල 150ක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ. නව පිරවුම්හල ආරම්භ කිරීමට බලපත්‍ර 50ක් ද වෙන්කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  මේ දිනවල...

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහි නීති ඉවත් කිරීමේ පොරොන්දුවට යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත්...

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...