ට්‍රම්ප්ගෙන් බයිඩ්න්ට අභියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට අභියෝග කර තිබෙන බව වාර්තා වේ.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් සමඟ ඕනෑම වේලාවක ඕනෑම තැනක රූපවාහිනි සංවාදයකට සූදානම් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතා අවදානය ලබා ගැනිමේ පිපාසයකින් මෙවැනි ඉල්ලීම් සිදුකරන බව ජෝ බයිඩ්න්ගේ පාක්ෂිකයන් පවසති.

කෙසේ වෙතත් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට පෙර කිසිදු විවාදයක් සඳහා ජෝ බයිඩ්න් මෙතෙක් එකඟ වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රටේ යහපත සඳහා ජෝ බයිඩ්න් සහ තමන් ඇමෙරිකාව හා ඇමෙරිකා ජනතාවට ඉතා වැදගත් වන ගැටලු විවාද කිරීම වැදගත් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත .

ඔහු පවසන්නේ , පසුගිය වසර 30 පුරා ජනාධිපතිවරණ විවාද අධීක්ෂණය කළ ඩිමොක්‍රටික් ජාතික කමිටුවට හෝ ජනාධිපති විවාද පිළිබඳ කොමිෂන් සභාවට එවැනි විවාද මෙහෙයවිය හැකි බවයි.

77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පසන්නේ 81ක් හැවිරිදි ජෝ බයිඩ්න් වයස වැඩි බවත් විවාද කිරීමට ඔහුට අමතක වී ඇති බවත්ය.

වයෝවෘද්ද පුද්ගලයා තමන් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් බව ජෝ බයිඩ්න් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...