(VIDEO):ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ තීන්දු අදාළ නැති වාණිජ බැංකු – පරාටේ නීතිය ගැන සජිත් යළි ප්‍රශ්න කරයි

කොළඹ LNW: පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිත් තීන්දු කළත් වාණිජ බැංකු තරගෙට වෙන්දේසි කිරීම් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පරාටේ නීතිය දෙසැම්බර් 15 වැනි දා තෙක් අත්හිට වූ බවට ජනාධිපතිවරයා පවා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළත් අද එය වානිජ බැංකු පද්ධතිය එය ක්‍රියාත්මක නොකරන බවයි විපක්ෂ නායකයා කියා සිටියේ.

පෞද්ගලික බැංකු විසින් පරාටේ නීතිය යටතේ වෙන්දේසි සිදු කිරීම් සිදු කර අවසන් වූ පසු එම නීතිය සම්මත කිරීමෙන් පළක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් මේ ප්‍රශ්න නගන බවත් කැබිනට් එක පවා ගත් තීන්දුව වාණිජ බැංකු ක්‍රියාත්මක කරන්නේ නැතිනම් කැබිනට් එකක් වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...