ජනාධිපතිතුමාත් පටිය තදකරගෙන හිටියා නම් මේවා වෙන්නෙ නෑනෙ …. (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය සිදුකරන අතරේ පොඩි අකරතැබ්බයකට මුහුණ දීලා තිබුණා. විධායක ජනාධිපති ධුරයේ ගෞරවය පාර්ලිමේන්තුව ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී එකට රෝයල් ගිය කොල්ලෙක් හැටියට අගමැතිතුමාත් සෙනිකව මැදිහත් වෙලා ඒ ගෞරවය කොහොමහරි බේරුණා. ජනාධිපතිකමට ගියත් එක ඉස්කෝලෙ කොල්ලෙක් ළඟින් තියාගෙන ඉන්න එකේ වැදගත්කම ඔන්න ඕකයි.

තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් 78 ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ක්‍රමය, මනාප ඡන්ද ක්‍රමය කියන තුනම පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් වෙන්නත් තිබ්බා. මෙහෙම අකරතැබ්බයකට හේතුවුණේ එතුමා පටි තදකරගෙන නොහිටිය එක කියලායි බැලූ බැල්මටම පෙනෙන්නේ. ඉතින් එතුමාත් ආණ්ඩුවත් කොයිවෙලේත් ජනතාවට කියන්නේ පටි තදකරගන්න කියලානෙ, එතුමාත් ඒ විදියටම පටිය තදකරගෙන හිටියා නම් මේවා වෙන්නෙ නෑ ඉතින් …

අනිත් එක මේක නිසා ජාත්‍යන්තරයට වුණත් සම්පූර්ණ වැරදි චිත්‍රයක් යන්න තිබුණා. ඒ කියන්නේ රටේ ආර්ථිකය දැන් ශක්තිමත් වෙමින් පවතිනවාය කිව්වාට රටේ ජනාධිපතිත් කෙට්ටුවෙලා කලිසම බහින තත්වයට රටේ ආර්ථිකය පත්වෙලා කියලා ඔවුන් හිතන්න තිබුණා. එහෙම වුණා නම් ආයෝජකයොත් එන්නෙ නැතුව යාවි.

ඒ නිසා ඔබතුමාගේ ආරක්ෂක නිලධාරියොත් නිතරම කියනවා වගේ ‘පටිය තදකරගෙන හිටියා නම් හරි සර් …’

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...