ශ්‍රී ලයන්ස්, නෙට්බෝලයට ජාත්‍යන්තර ලීග් හැඩයක් දෙන්න සැරසෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හැරුණු විට වැඩිම ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් ක්‍රීඩාව හැටියට නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්.ආසියාවේ නෙට්බෝල් රැජිණන් විදිහට කිරුළු දරා සිටින ශ්‍රී ලංකාව ආසියාවේම තවත් ප්‍රබල නෙට්බෝල් රාජ්‍යයන් වන සිංගප්පූරුව සහ මැලේසියාව හා සසඳන විට භෞතිකමය වශයෙන් බොහෝ දුප්පත් බවක් උසුලනවා.එවැනි පරිසරයක ශ්‍රී ලයන්ස් ආරාධිත නෙට්බෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ නෙට්බෝල් වෙනත් මානයකට හරවා අලුත් මානයකින් ලෝකය දකින්නට ඉඩ හසර විවර කිරීමක් හැටියට දැකිය හැකියි.


පෞද්ගලික ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුත්තක් සහ තවත් ආකාරයකින් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් හි ගුණාත්මක ප්‍රවර්ධනයට පිටුවහලක් විය හැකි අන්දමට මෙම තරගාවලිය පැයක තරගාවලියක් ලෙස පැවත්වීමට කටයුතු කරමින් සිටිනවා.දැල් පන්දුවේ අතීතමය රාමුවේ සිටින බොහෝ නෝනාවරු මෙවැනි තැන්වලදී හිතන්නේ තමන්ගේ දිස්නය පළුඳු වන බවයි.එැවින් හීනමාන රෝගී තත්ත්වයන් බහුල පිරිස් නෙට්බෝල් ආසියාවේන පිට දකින්නට සහ ශ්‍රී ලංකාවෙන් වෘත්තීය මට්ටමේ නෙට්බෝල් සංස්කෘතියක තරගකාරීත්වයක් අපේක්සා නොකරන්නේම සහ එවැනි ‘උත්සාහයන්වලදී හැකිළෙන්නේම තමන්ගේ අස්ථානය සම්බන්ධයෙන් ඇති කර ගන්නා බියකින් බව පැහැදිළියි.හරියට එය ප්‍රතිකාර ගත යුතු හිනයෙන් බියට පත්වෙන ආකාරයේ පීඩනයක් විසින් ඇති කරන තත්ත්වයක් වෙනවා.


එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ලියාපදිංචි වූ එකම ක්‍රීඩා සහ සමාජ සත්කාරක ශ්‍රී ලාංකේය සංවිධානය වන ශ්‍රී ලයන්ස් හ්‍රී ලංකාවේ නෙට්බෝල් පෝෂණය කරන්ට දායක වන මේ මොහොත නෙල්බෝට්වලට ඇති ආදරයෙන් පමණක් සිතන අයට මහඟු දායාදයක්.කණ්ඩායම්වල තරගකාරීත්වය දේශීය සහ විදේශිය වශයෙන් ජගත් මට්ටමේ පිළිගත් බිමකට ගෙන ඒමේ අදහසින් තරගාවලිය කොළඹ ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රිඩාංගණයට ගෙන එ්මම වැදගත්.එවැනි බිමක් ජාතික මට්ටමේ තරගාවලියකදී වුව කණ්ඩායම් වෙත ලබා දීමට අපහසු නේට්බෝල් සම්මේලනය මෙවැනි තරගාවලියක් සම්ප්‍රදායික හණමිටිවල බරින් කිරා මැන නොබලන්නේනම් අතිශයින් වැදගත්.
මාර්තු 23 – 24 පැවත්වෙන මේ තරගාවලියට මාල දිවයින කණ්ඩායමක් මේ තරගාවලිය සඳහා සහභාගි වෙනවා.ඉදිරියේදී සංස්කෘතිමය වශයෙන් වෙනත් රටවල ක්‍රිඩිකාවන් ආදේශ කර ඉහළ මට්ටමේ ක්‍රීඩිකාවන් ලංකාවේ කණ්ඩායම්වලට කැදවා ලීග් තරග ආදිය පැවත්විය හැකි වටපිටාවක් මේ තරගාවලියේ අනාගතය දෙස බලන කළ පෙනී යනවා.වෘත්තීමය වශයෙන් ක්‍රීඩාව පමණක් නොවන,විනිසුරුවන් සහ වෙනත් වගකීම් ද වෘත්තීය මට්ටමෙන් සුරුකෙන නිසි වටිනාකමක් ලැබෙන අවස්ථාවක් හැටියට මේ ශ්‍රී ලයන්ස් තරගාවලිය ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රිඩාවට ආශිර්වාදයක් වන ලකුණු පෙන්වනවා.


ඒ නිසා මේ මොහොතේ නෙට්බෝල් ලංකාවේ පොළවේ අලුත් මුහුණුවරකින් දකින්නට වෙර දරන තරගාවලියක් ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලයන්ස් තරගාවලිය හරියටම මේ පොළවේ නෙට්බෝල් එක්ක පාස්සා ගැනීම වැදගත්.හැමදාම නෙට්බෝල්වල ඉන්න නෝනලාට බොහෝ විට කාලයෙන් කාලයට කෙහෙවලු පටලා ගැනීමේ මානසිකත්වයෙන් හැසිරෙන ආකාරය වෙනස් කර මෙවැනි අවස්ථාවක් පාවඩ එලා පීළිගෙන තමන්ගේ දායකත්වය ද දීම වැදගත් වෙනවා.සංචිතයක් පවත්වාගෙන යන්නට වත්කමක් නැතුව ක්‍රීඩා අමාත්‍යංශයේ කැටයේ දොර විවර වෙන මට්ටමෙන් සෑහී වැඩ කරන්නට වෙන ශ්‍රී ලංකා නෙට්බෝල් මේ අවස්ථාව වැළද ගන්නා ආකාරයෙන් ඔවුන් සැබවින්ම නෙට්බෝල්වලට ආදරේද යන්න බගා ගන්නට හැකි අතර,සැප්තැම්බර් මාසයේ පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලියකට පෙර පැවත්වෙන මේ තරගාවලියට ජාතික සංචිතයේ පිරිස් ද යොදා ගෙන යම් වටිනාකමක් දෙන්නට උථ්සාහ කිරීම වටිනවා.මේ වන විට ජාත්‍යන්තර තරගාවලි සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජනයේදී මෙන්ම ක්‍රීඩිකාවන් සතුව කරගෙන ආයතන ව්‍යහුයන්ට අනුකූලවද ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංයන්ස් කතරගාවලියද විවෘත කිරිම වටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...