ජාතික ආණ්ඩුවකට අපි නං නෑ – මෛත්‍රී

Date:

ජාතික ආණ්ඩුවක් සඳහා හෝ ආණ්ඩු පෙරළියක් සඳහා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුව අමතමිනි.

හෙට අනිද්දා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පුවත් ප්‍රචාරය වන බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එවැනි උත්සාහයන් සඳහා ශ්‍රීලනිපයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

තමන් ජනාධිපති ධුරයේ සමු ගනිද්දී ආහාරවලින් ස්වයංපෝෂිත රටක් වත්මන් පාලකයන්ට බාරදුන් බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ අද රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් දැඩිලෙස කණගාටු වන බවයි.

2015 වසර වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් සම්පූර්ණයෙන් කොන් වූ රටක් බවට පත්ව තිබූ බවත්, ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව තමන් සිදුකළ ප්‍රධාන කාර්යය ජාත්‍යන්තරයේ සුහදතාවය දිනා ගැනීම බවත් සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් වසර කිහිපයක් ගතවෙද්දී අද වනවිට යළිත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වීමේ අවදානමක් මතුව ඇති බවද ඔහු සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...