සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 07, කොළඹ (LNW):පොලිස් රග්බි කණ්ඩායම,හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 – 12 ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ප්‍රතිමළුන් පිටු දැකීමේ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ සූරයෝ වූහ.මීට දශක තුනකට ආසන්න අතීතයේ පොලිසිය ජය ගැනීම යනු මවිත වන්නට හේතුවක්ව නොතිබිණි.ඒ තරමටම ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රය පොලිසියේ අණසකට යටත්ව තිබිණ.
විශේෂයෙන්ම 88 – 89 භීෂණ සමය වන විට ද ශ්‍රී ලංකා රග්බි පිටියේ යෝධ සළකුණක්ව තිබුණේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමය.
ඒ මතකය සළකුණු කළ පොලිස් කණ්ඩායමේ සිට නිශාම් ජම්ල්ඩීන් වර්ථමානයේ ශ්‍රී ලංකා රග්බි ලේකම්වරයා ය.ලකුණු මවන යන්තරයක් ලෙස එකල පතලව සිටි ජමල්ඩීන් 1992 දී එක් රගර් වාරයක් ක්‍රීඩකයෙක් ලෙස ලකුණු 248 ක් ලබමින් තැබූ වාර්තාව තවමත් නොබිඳි එකක් විය යුතුය.
කලෙක රගර් පරිපාලනයේ ද දැවන්තයෙක් වූ නිමල් ලෙව්කේ වැන්නන් ද රගර් පිටිය දෙවනත් කළ කතා පරණ කතන්දර ඇවිස්සෙන තැන්වල ඇසී ඇතත් අපට අන්තිම පොලිස් රගර් වික්‍රම ලෙස මතකයට නැඟෙන්නේ ජමාල්ඩීන්,මාසෝ සහ ගුණරත්නයන් වැනි ක්‍රීඩකයන් පිළිබඳ මතක විතරය.
ජෝන් ප්ලේයර් රග්බි සූරයන් ලෙස එවකට ජාතික තලයේ ඉහළින්ම පැවති රග්බි සූරතාවයට හිමිකම් කී පොලීසිව 88/89 නැකි කාල වකවානු ද සමඟ 1991 දක්වා වූ එම රගර් ඉතිහාසයේ සූරතාවය මඟ හැරගෙන තිබෙන්නේ එක් වතාවක් පමණි.ඒ 1990 දී පමණි.
එතරම් බලසම්පන්නව සිටි පොලිසියේ හපන්කම්, යුද ක්‍රියාන්විතය වගේම පෞද්ගලික ක්‍රිඩා සමාජවලට වඩාත් වානිජමය ලෙස දියුණු වෙන්නට තිබුණු අවස්ථා ද සහිතව පොලිසියෙන් ඈත් විය.එසේම මුදල් සංසරණය මත විදේශවලින් පැමිණි වෘත්තිමය ක්‍රිඩකයන් ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජවලට සම්බන්ධ වෙන්නට පටන් ගත්තේය.සෘජුව සාක්ෂි සහිතව කිව නොහැකි වුව ද සමහර විට පොලිසිය සම්බන්ධයෙන් වූ කීර්ති නාමයේ යම් පළුඳුවීම් ද ඊට බලපාන්නට ඇතැයි සිතිය හැකිය.මන්ද එවැනි තත්ත්වයක පොලිසියට සම්බන්ධවීමේ ප්‍රවනතාවයන් පහත යා හැකි බැවින්ය.
එසේ ගත් විට පොලිසිය පළමු පෙළ රගර් සූරතාවයකට හිමිකම් කියන්නේ වසර 33 ට පසුව විය යුතුය.ඒ නිසාම එය අතශයින් වැදගත්ය.පොලිසිය ක්‍රීඩාවේ අලුත් පිම්මකට සැරසෙන බවක් පෙනෙන්නට ඇති අතර මේ වසරේ පළමු පෙළ ක්‍රිකට් සූරතාවයට ද සමව හිමිකම් කියන්නට සමත් වුණේ පොලිසිය බව අමතක කළ නොහැකිය.
දැන් රගර් ය.නමගිය ක්‍රීඩකයන්ට පොලිසියේ තනතුරු සමඟ වටිනාකමක් එකතු වෙමින් තිබීම සමඟම භෞතික පහසුකම් සම්පාදනය කර ගැනීමට හැකි මාර්ග පළල කර ගනිමින් අනුග්‍රාහකයන් සොයා ගන්නට හැකි වීම ද ශ්‍රී ලංකා රගර් කීඩාවේ යළිත් යම් ආකාරයක ඉහළ ඒමකට පොලිස් කණ්ඩායමට ඉඩ සකස් කර ඇත.
මෙවර අනු සූරයන් සේ ලීග් සූරතාවලියේ කැපී පෙණුන මහනුවර මෙවරත් ශ්‍රී ලංකා රගර්වලට කොන්දේසි පනවා,ඊට එකඟ නොවුණු තැන ප්‍රතිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් බැස ගියේය.මේ ආකාරයට ශ්‍රි ලංකා රගර් සභාපති මුල් වී සිය පෞරුෂය රිවස් කර ගැනීමෙන් පසුව මෙවර ඉකුත් වසරට වඩා සද්දෙට ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලිය හැර ගිය නිසා මෙවර එම තරගාවලියට සහභාගි වූයේ කණ්ඩායම් හතක් පමණි.
ඒ අතර මෙවර ලීග් සූරයෝ වූ සීආර් කණ්ඩායම සිටිය අතර තිබුණු කණ්ඩායම් ගැන ලීග් සූරතාව හරහා චිත්‍රයක් මවා ගන්නේ නම් පොලිසියට ඉහළින් හැව්ලොක්ස් කණ්ඩායම ද සිටිය බව පැහැදිලිය.එහෙත් කණ්ඩායම් දෙකක් එක සේ තරගාවලි දෙකකට නඩත්තු කර ගැනීම අපහසු,ඒත් පාලන බලය ලබා ගැනීමට ඡන්ද බලය වැඩි කර දෙන මෙන් ඉල්ලන ක්‍රීඩා සමාජ සංස්කෘතියට වඩා පොලිසිය තුළ ඇති රාජ්‍ය අනුගතවීම සහ පිළිවෙල නිසා පොලිස් කණ්ඩායම සිඳුනු කණ්ඩායමක් හැටියට වෙනුවට වැඩුණු කණ්ඩායමක් විදිහට තරගාවලියට එක් විය.ඒ අනුව ඔවුන් සී ආර් ක්‍රීඩකයින්ට අවසාන තරගයද අහිමි කරමින් ක්‍රියාත්මක වූ අතර අවසාන තරගයේදී පළමු අර්ධයේ සිටම හැව්ලොක් කන්ඩායමට ඉදිරියෙන් සිට සූරතාව සම්බන්ධයෙන් විශ්වාසය තබාගෙන සටන් කළේය.
පළමු අර්ධයේදී ලකුණු 5 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටි පොලිස් කණ්ඩායම දෙවන අර්ධයේදී ඊට තවත් ලකුණු 14 ක් එකතු කරන්නට සමත් විය.හැව්ලොක්ස් ක්‍රීඩකයින් ද ලකුණු 12 ක් ලබා ගනිමින් දස්කම් දැක් වූ අතර අවසාන ප්‍රතිපලය තරගය නිමාවේ ලකුණු 19 – 12 ක් ලෙස පොලිසියේ ජය සනාත වීමය.
පොලිස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක් වාර්තා විය.හිරන්ත පෙරේරා,ශානක හරිස්චන්ද්‍ර සහ සමීර ජයසිංහ එම උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.ප්‍රින්ස් චාමර සහ ශේන් ග්ලෙවින් හෝවුඩ් එම උත්සාහක දිණුම් තුනෙන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට දායක වූහ.හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ජයත් රාජරත්න සහ මුෂින් ෆලීල් උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් වූ අතර ඉන් එක් උත්සාහක දිණුමක් සාර්ථක ලෙස ප්‍රවර්ථනය කරන්නට සැමුවෙල් මධුවන්ත සමත් විය.





