*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සමාගම් 1,000 කට IRD එකෙන් නොතීසි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): සමාගම් 1,000 කට ආසන්න සංඛ්‍යාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මාස හයක් තුළ ගෙවන ලෙස නොතීසි නිකුත් කර ඇති බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

පසුගිය වසර අවසානය දක්වා හිඟ මුදල් ගෙවීමට නියමිතව තිබූ අතර, තව දුරටත් දීර්ඝ කර තිබෙන මාස හයක කාලය තුළ හිඟ මුදල් ගෙවීම කරන ලෙස සමාගම්වලට දැනුම් දී ඇති බව ඇය සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත.

ඒ අනුව සමහර සමාගම් ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන්ගේ දේපළ අත්පත් කරගැනීමට එකඟ වී ඇත, තවත් සමාගම් හිඟ ගෙවීම් සිදුකර හෝ සිදුකරමින් ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත හිඟ මුදල් අයකර ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවත් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනත යටතේ උපරිම බලතල පනවන බවත් ඇය පැවසීය.

බදු පැහැර හරින අය අතර මත්පැන් සමාගම්, හෝටල් සහ දේපළ වෙළඳාම් සමාගම්ද වේ.

හිඟ බදු අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙකු යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පවසන්නේ ණය පැහැර හැරීම් අතර ලාභ ලබන සමාගම් සිටින බවය.

එසේම ගෙවිය යුතු රුපියල් බිලියන 163ක බදු හිඟ මුදලට අමතරව තවත් රුපියල් බිලියන 740ක බදු මුදල් තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතින බවද ඔහු පැවසීය.

දේපළ හා බැංකු ගිණුම් අත්පත් කරගැනීම, හිඟ මුදල් අයකර ගැනීමේ කඩිනම් මාර්ගයක් බැවින් නව ක්‍රමයට සංගමය සහාය පළ කරන බව උදයසිරි මහතා පැවසුවේය.

ආදායම් දෙපාර්ථමේන්තුව වෙත මෙම වසර සඳහා රුපියල් බිලියන 2,024 ක ආදායම් එකතු කිරීමේ ඉලක්කයක් රජය ලබා දී ඇත.

පසුගිය වසරේ සියයට 103ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 1553ක ආදායම් ඉලක්කයක් අත්පත් කරගැනීමට හැකි වූ බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan