*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

රනිල් BIG MATCH එකෙන් ඡන්ද සටනට – බැසිල් මහා මැතිවරණයක් ඉල්ලා සටනට – රනිල් ගැන සජිත්ගෙන් අනාවරණයක් – රනිල් මහින්ද බැසිල් තීරණාත්මක සාකච්ඡා – ධම්මිකගෙන් අලුත් වැඩක්

  • රනිල් BIG MATCH එකෙන් ඡන්ද සටනට
  • බැසිල් මහා මැතිවරණයක් ඉල්ලා සටනට
  • රනිල් ගැන සජිත්ගෙන් අනාවරණයක්
  • රනිල් මහින්ද බැසිල් තීරණාත්මක සාකච්ඡා
  • ධම්මිකගෙන් අලුත් වැඩක්

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණයට මාස ගණනාවක් තිබේ. එහෙත් දේශපාලන ලෝකය ඉතාමත්ම උණුසුම්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට නම් එවැනි උණුසුමක් පෙනෙන්නට තිබුනේ නැත. විදුහලේ ආදී ශිෂ්‍යයකු වූ රනිල් පසුගිය දිනවල කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවති 145 වන රාජකීය -ශාන්ත තෝමස් නිල මහා සටන ක්‍රිකට් තරගයටද සහභාගිවු අතර ගී ගයමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබිණි.

රනිල් හා බැසිල් මත දෙකක?

මුලින්ම පවත්වන්නේ මහා මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න මේ වන විට දේශපාලන ලෝකයේ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවයි. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මහා මැතිවරණයක් පවත්වන්නට දැන් ප්‍රමාද වැඩි බවත් මහා මැතිවරණයත් ජනාධිපතිවරනයයත් එක ළඟ පැවැත්වීම මැතිවරණ දෙපාර්තමේන්තුවට අසීරු කාරණයක් වනු ඇති බවත්ය.

මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට මතයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටින අතර ආණ්ඩුවේ බලය හිමි පොහොට්ටුවේ මතය වේ ඇත්තේ මුලින් මහා මැතිවරණයක් පැවැත්වීම පොහොට්ටුවට වඩා වාසිදායක බවය.

මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගියදා ශ්‍රීලංකාවට පැමිණියේ ඇමරිකා එක්සත් ජනපදයේ මාස කීපයක් ගත කිරීමෙන් පසුවය. ශ්‍රීලංකාවට පැමිණීමෙන් පසු බැසිල් රාජපක්ෂ පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා කල බව පැවසේ.

රනිල්-මහින්ද-බැසිල් රහසිගත සාකච්ඡාවක?

මේ අතරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපති හා පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ තිදෙනා පසුගිදා දේශපාලන කතාබහක නිරතවී තිබේ. මෙහිදී කතාබහට ලක්වී ඇත්තේ ඉදිරි මැතිවරණ ගැනය. මෙහිදී බැසිල් රාජපක්ෂ මහා මැතිවරණයක් ගැන අදහස ප්‍රකාශ කර තිබේ. එසේ නම් පොහොට්ටුව – එජාපය එක්ව තරග කලයුතු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා ඇත. කෙසේ වෙතත් මෙහිදී බැසිල් පවසා ඇත්තේ එජාපය හා පොහොට්ටුව වෙනවෙනම තරග කල යුතු අතර පසුව අවශ්‍ය නම් පසුව එක්විය හැකි බවය. ඒ අනුව හමුව එකඟතාවයකින් තොරව අවසන්වී තිබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට එකඟ නොවන්නේ නම් පාර්ලිමේන්තුව හැක්කේ පාර්ලිමේන්තුව වෙත ගෙන එන යෝජනාවක් සරල බහුතරයකින් සම්මත කර ගැනීමය.

මේ අතර පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ සාකච්ඡාවේදී අප්‍රේල් මුලදී හෝ සිංහල අවුරුද්දෙන් පසුව මැතිසබය විසුරුවා හැරීම ගැන දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
එසේම ඊට කැමැති මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමටත් එකඟත්වයක් ඇති කරගෙන ඇතැයි ද සඳහන්ය.

කෙසේවෙතත් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට අවසාන එකඟතාවක් ලබාගැනීමටද තීන්දු වී ඇතැයි පැවසේ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීන් පිරිසක් මෙම රහස් සාකච්ඡාව සඳහා එක් වී ඇතැයි ද වාර්තා වේ.

ඒ අතර පසුගියදා ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණය වුවත් මන්ත්‍රීන් අවශ්‍ය නම් යෝජනා සම්මතයකින් මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවය.

පාර්ලිමේන්තු මැතිවරණයට ආසන ක්‍රමය යලි ගෙන ඒමේ සුදානමක්?

පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරු අතුරින් එකසිය හැට දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරාපත් කර ගත හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සූදානම් වේ. මේ සඳහා අවශ්‍ය යෝජනාවලිය ළඟදීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 1977 ට පෙර පැවතියේ එම ක්‍රමවේදය වන අතර තවමත් ඉන්දියාවේ හා එංගලන්තයේ පවා ක්‍රියාත්මක වන්නේ එයයි. එහිදී ස්වාධීනව හෝ දේශපාලන පක්ෂ වලින් හෝ වැදගත් දේශපාලකයන් පාර්ලිමේන්තුවට පිවිසීම දක්නට ලැබිණි.

දැනට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තියේ විධිවිධාන මගින් සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණ පවත්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයයි.

එහිදී මැතිවරණ අපේක්ෂකයන් සමස්ත මැතිවරණ දිස්ත්‍රික්කය තුළම ප්‍රචාරණ කටයුතු කළ යුතු බැවින් ඒ සඳහා වැය කළ යුතු පිරිවැය දරා ගත හැකි අපේක්ෂකයන්ට පමණක් මැතිවරණය සීමාවේ.

මැතිවරණය වෙනුවෙන් දැරිය යුතු අධික පිරිවැය නීත්‍යනුකූල නොවන මාර්ග ඔස්සේ පවා උපයා ගැනීමට අපේක්ෂකයන් පොලඹවන අතර නීති විරෝධී සහ අයථා මාර්ගවලින් මුදල් රැස්කළ තැනැත්තන් මැතිවරණ අපේක්ෂකයන්ට අනුග්‍රහය දැක්වූ විට ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට සහාය දීමට ද මහජන නියෝජිතයෝ පෙලඹෙති.

මෙකී කාරණා හේතුවෙන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහ වෙනත් අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබිණි.
මේ සඳහා අදහස් ඉදිරිපත් කරන ලද තැනැත්තන්ගෙන් බහුතරය ඇතැම් නිර්දේශ සපුරාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 160ක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි ක්‍රමවේදය වෙනස් කිරීමට කැමැත්ත පළකර තිබිණි.

ඒ අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනාගෙන් 160 ක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරා පත් කරගැනීමටත් ඉතිරි මන්ත්‍රිවරු 65 සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇත.
එසේම පක්ෂ මාරු කරන්නේ නම් මන්ත්‍රී ධුරය අහෝසිවීම හා අතුරු මැතිවරණයක් මගින් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව තිබීම වැනි ජනතාවට තමන්ගේ නියෝජිතයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව පැවතීම හා මන්ත්‍රීවරයා ආසනයේ ජනතාවට වගකිවයුතු වීම නිසා ඔහු වගවීම නව ක්‍රමයේ කැපී පෙනෙන වෙනස්කම්ය. අනෙක් අතට එකම පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර ගැටුම්කාරී තත්වයන් මෙහිදී අඩු වනු ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පුද්ගලික මත අනවශ්‍යයි

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිය පෞද්ගලික මතයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පෞද්ගලික මතයන් ප්‍රකාශ කිරීමට යාමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි සිදුවිය හැකි බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
එසේම දේශපාලන නායකයින් තමතමන්ගේ පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමග ජනතාව ඒකරාශී කරගත යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.

රනිල් ගැන සජිත් ගෙන් අනාවරණයක්

මේ අතර සජබ හා එක්සත් ජාතික පක්ෂය එක්වීමට සුදානම් බවට දේශපාලන ලෝකයේ ආරංචි පැතිර යමින් පවතී. මේ සම්බන්ධයෙන් සජිත් පවසන්නේ එය සම්පුර්ණයෙන්ම බොරුවක් බවත් එලෙස එක්වීමේ කිසිදු සුදානමක් නොමැති බවත්ය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුනයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ අර්බුදයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍යකරනය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමින් ඔහු කීවේය.

ඉල්ලා අස්වුනත් දිගටම වැඩලු

සජබ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සංවිධායක ජගත් විතාන පසුගියදා තම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය. එසේ ඉල්ලා අස්වුවද ජගත් විතාන දිගින් දිගටම දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වන බව පැවසේ. මෙසේ ඉල්ලා අස්වූ සංවිධායකවරයෙකු දිගින් දිගටම දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් ජනතාව විමතිය පල කරති.

IMF සාකච්ඡාවලට සජබ නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පවත්වන සාකච්චාවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණි අවස්ථාවලදී ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරන ලද බවත් එසේ නැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් නැති බවත්ය.

එජාපයේ තීරණාත්මක සාකච්ඡාව අඟහරුවාදා

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ලබන අඟහරුවාදා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, රුවන් විජේවර්ධන , වජිර අබේවර්ධන , හරින් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර , නවීන් දිසානායක සහභාගිවීමට නියමිතය.

ශ්‍රීලනිප නව සන්ධානය

ඉදිරි මැතිවරණ සඳහා සන්ධානගත වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පවත්වා තිබේ. එය පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් වන අතර ඒ සඳහා සඳහා චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා යාපා සහභාගි වී තිබේ. එහිදී විශේෂයෙන් සාකච්ඡා කර තිබෙන්නේ ඉදිරි මැතිවරණ වලදී පුළුල් සන්ධානයක් ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙනි. ඒ සඳහා ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර එක්ව සිටියහ. ඒ අනුව සන්ධානය සඳහා ස්ථීර ලකුණක් නම් කිරීමට සහ සන්ධානයට එක්වීමට තීරණය කරන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට එහිදී තීරණය කර තිබේ. මේවන විට පක්ෂ පහක් සන්ධාන ගතවීමට එකඟතාවය පළ කළ ඇති අතර ඉදිරි දින කිහපය තුළ තවත් පක්ෂ රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවේදී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් වර්තමාන දේශපාලන තත්වය ගැන සහ ජවිපෙ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් සිදුකර තිබේ. මේ අතර “පුටුව” නව සන්ධානයේ ව්‍යවස්ථාවට තවත් සංශෝධන කිහිපයක් එක් කිරීමට චම්පික මන්ත්‍රීවරයා යෝජනා කර තිබේ. චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් යෝජනා කරන ලද සංශෝධන පසු දිනම ශ්‍රීලනිප මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල , ලසන්ත අලගියවන්න විසින් පුටුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. කිසිදු ජනපති අපේක්ෂකයෙකුට සහය පල කිරීමට තීරණයක් ගෙන නොමැති අතර අවස්ථානුකූලව ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කිරීමට එහිදි තීරනයක් ගෙන තිබේ. කෙසේ වෙතත් සන්ධානයට කිසිදු ආකාරයකින් පොහොට්ටුව සම්බන්ධ කර නොගැනීමට සියලු දෙනා එකගත්වය පළ කර තිබේ. සන්ධානයේ වැඩපිළිවෙළ සකසා විශාල ජන රැළියක් පැවැත්වීමට නියමිතය. පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කීරිම ලබන 12 වැනිදා සිදු කිරීමට නියමිතය.

ජනපති සිහින දකින පොහොට්ටු මන්ත්‍රී

මේ අතර මෙම සන්ධානයෙන් පොදු අපේක්ෂකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂ වලට කලින් සම්බන්ධව සිටි ඇමතිවරයකු ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය තුල යම් විරෝධයක් එල්ලවී තිබේ. ඔහු ඉල්ලු ඇමති ධුරය නොලැබීම නිසා දැනට ආණ්ඩුවේ මන්ත්‍රී ධුරයක් පමණක් දරන අතර පක්ෂයක්වත් නොමැති ඔහුට පොදු අපේක්ෂකත්වයක් ලබාදිය නොහැකි බව ශ්‍රීලනිපය තුල කතාබහක් ඇතිවී තිබේ. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරයා පවසා ඇත්තේ පොහොට්ටුවේ 30 ක පමණ පිරිසක් තමන් සමග සිටින බවය.

ලන්සා කණ්ඩායම බරටම වැඩ

නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලන්සා මන්ත්‍රීවරයා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් සිටී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු ලොබියේ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ. “ජනාධිපතිතුමා ඇවිල්ල රටේ ආර්ථිකයේ ඇත්ත තත්වය මෙහෙම පාර්ලිමේන්තුවට කියන එක හොද දෙයක්..එතකොට මිනිස්සු තේරුම් ගනී කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියල”පියංකර ජයරත්න කිවේය
“ඔව් අපිත් ජනාධිපතිතුමාට කිව්වේ එකයි අපි ජනතාවට වැඩ කරනවා වගේම දේශපාලනය කරන්නත් ඕනෑ…මිනිස්සුන්ට බොරු කියල රවට්ටලා ගේම් ගහල බලය ගත්තු කාලේ දැන් ඉවරයි ඉස්සර කලේ මිනිස්සුනට බොරු ආර්ථික කරුණු කියල බිල්ලෝ මවල බලය ගත්තු එක ”නිමල් ලාන්සා පැහැදිළි කිරීමක් කළේය.

“කොහොමද පියංකර ආණමඩුවේ දේශපාලන තත්වේ “මහින්ද අමරවීර පියංකර දෙස බලමින් විමසීය

“අවුලක් නෑ මචං කරගෙන යනවා ආණමඩුවේ සම්බන්ධීකරණ කමිටු සභාපති කම් පහ ජනාධිපතිතුමා මට දුන්නනේ දැන් මොළ හතාණෝගේ ගෝලයෝ එහෙන් මෙහෙන් ගේම ඉල්ලනවා කියලත් ආරංචියි මම සැලෙන්නේ නෑ”පියංකර තරමක් කේන්තියෙන් කියාගෙන ගියේය “ඇමතිතුමා බයවෙන්න එපා ඔය ගේම් ගහන දේශපාලනය පුත්තලමෙන් දැන් ඉවරකරන්න ඕනෑ ”ජගත් පියංකර මන්ත්‍රීවරයා ද කතාබහට එක්විය .“අපේ ඊලග රැස්වීම හම්බන්තොට නිසා අමරේට ලොකු වැඩක් තියෙයි අපි සතියකට කලින්වත් එනවා”අනුර යාපා කිවේය පිරිස දෙස බලමිණි “අමරේට ඕක මොකක්ද ජා ඇළට කොළඹටත් වඩා හම්බන්තොට අපේ රැස්වීමට කට්ටිය එනවා කියල දැනටමත් එහේ අය බයවෙලා”ලන්සා සිනාසෙමින් කිවේය.

මේ අතර නව සන්ධානය වටා එකතුවන වෘත්තීය සමිති ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් තිබේ.ඒ අනුව පසුගියදා ජාතික සේවක සංගමය යටතේ තිබු දුම්රිය සේවක සංගමයේ 21වැනි සමුළුව එම මුලස්ථානයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි මේ අතර නව සන්ධානයේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්චා කිරීමේ විශේෂ සාකච්චාවක් පසුගියදා රාත්‍රියේ කොළඹ පිහිටි ඇමති නිල නිවසකදී පැවැත්වුණේ රහසිගතවය .මේ සදහා දැනට මෙම වැඩපිළිවෙලට සහාය දෙන මන්ත්‍රීවරුන් සියළු දෙනා එක්ව සිටියහ .එහිදී ඉදිරියේදී මේ සදහා එකතුකරගන්නා පිරිස් සහ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීම සදහා එක් එක් මන්ත්‍රීවරුන්ට වැඩසටහන් බෙදා දීමද විශේෂත්වයකි.

ගම ගොඩනගා රට දියුණු කරන්න ධම්මිකගෙන් වැඩපිළිවෙලක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා ගම හදන වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාවට නංවමින් සිටී. ඔහු පවසන්නේ දැනට රටේ ජනතාවට ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති ජනතාවගේ කුසගින්න නිවා ඉන්පසු රට සංවර්ධනය කල යුතු බවය.

සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වැනි පොදු ස්ථානයක ප්‍රජා මුළුතැන්ගෙයක් (Commiunity Kitchen) පිහිටුවා . ගමේ ඉතාම දුප්පත් පවුල්වලට ඒ ප්‍රජා මුළුතැන්ගෙයින් කෑම සැපයීමට නියමිතය.

එක ගමකට එක නිෂ්පාදනයක් (One Village One Product) – ගමේ කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට ස්ථිර ආදායමක් උපයා ගන්න හැකි පරිදි එක ගමකට එක භාණ්ඩයක් (උදාහරණ – විසිතුරු මසුන්, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, ඇඳුම්, හඳුන්කූරු) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම සහ මූලික පහසුකම් ලබාදෙන අතර මෙයින් ගමේ පවුල්වලට අමතර ආදායමක් ලැබෙනු ඇත.

සැවොම එකම භාණ්ඩයක් නිෂ්පාදනය කරන නිසා ඒවා තොග වශයෙන් විකිණීමටත් පහසු වේ. තොග මිලදී ගන්න අයටත් එකම ගමකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය පහසුවෙන් මිලදී ගන්න හැකිවීම නිසා භාණ්ඩවලට හොඳ මිලක් ලබාදීමටද හැකියාව ලැබේ.

එක ගමකට එක බෝගයක් (Colonial Crops) වැඩසටහන යටතේ ඒ ඒ ප්‍රදේශයේ දේශගුණය සහ පසේ ස්වභාවය අනුව ගමේ සියලුම පවුල්වලට තමන්ගේ ගෙවතුවල වගා කළ හැකි, දීර්ඝ කාලීනව අස්වනු ලැබෙන එක් බෝගයකින් (උදාහරණ – කෝපි, අඹ, පොල්, පුවක්, දූරියන්, රඹුටන්, සාදික්කා, කරාබු, දෙළුම්) පැළ සිටුවීමට ලබාදෙනු ඇත. මෙම බෝගවලත් අස්වනු විකිණීම පහසු වන අතර ගමේ හැමෝම එක බෝගයක් වගාකර ඇති නිසා මේවා තොග මිලදී ගන්න අයටත් එකම ගමකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය මිලදී ගත හැක. ඒ ඒ බෝගවල අස්වනු ලැබන කාලය අනුව ගමේ හැම පවුලකටම මෙයින් වෙනම ආදායමක් ලැබෙන අතර මෙයින් ගමටත් වෙනම වටිනාකමක් නිර්මාණයවේ.

සෑම සමෘද්ධි බැංකු කලාපයකම ඒ ප්‍රදේශවල නිෂ්පාදනය කරන විවිධ භාණ්ඩ (උදාහරණ – එළවලු, පළතුරු, කරවල, බුලත් පුවක්) විකිණීම සඳහා කුඩා ආර්ථික මර්ධ්‍යස්ථානයක් වැනි වෙළඳපොළක් නිර්මාණය කෙරේ. එවිට ඒ ප්‍රදේශවාසීන්ට තමන්ගේ භාණ්ඩ එතනදී විකුණා ගත හැක.

Free Wi-Fi කලාප – සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වැනි ආගමික ස්ථානයක හෝ රජයේ ගොඩනැගිල්ලක් වැනි පොදු ස්ථානයක නොමිලේ ඉන්ටනෙට් පහසුකම් ලබාගැනීම සඳහා Free Wi-Fi කලාපයක් පිහිටුවනවා. එවිට ගමේ ඕනෑම කෙනෙකුට එතැනට පැමිණ ඉන්ටනෙට් හරහා තමන්ට කරගත යුතු වැඩක් කරගත හැක.

සෑම ග්‍රාම නිලධාරී වසමකම තරුණ නායකත්ව සමාජයක් පිහිටුවන අතර ඒ ඔස්සේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඉතාම වැදගත් වන නායකත්ව පුහුණුවක් සහ රැකියා මාර්ගෝපදේශනයක් ලබාදෙනු ලැබේ. එවිට ඔවුන්ට වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව සහ තමන්ගේ හැකියාවන් අනුව වඩාත් ඉහළ වැටුප් ලැබෙන රැකියාවන් කරා යාමට මාර්ගය සකස් කරගත හැක.

සෑම ගමකටම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ (IT) රැකියා 50ක් ලබාදෙන අතර ඔවුන්ට වැඩකිරීම සඳහා පරිගණක සහ ඉන්ටනෙට් පහසුකම් සහිත කාර්යාලයක් ගමේම පිහිටුවනු ලබයි. තොරතුරු තාක්ෂණ රැකියා මෙතෙක් තිබුණේ ප්‍රධාන නගරවල පමණක් වන අතර නව වැඩපිළිවෙල යටතේ තොරතුරු තාක්ෂණ රැකියා ගමට ගෙන යාම සිදු කෙරේ.

කාන්තා අකර්ශනයත් සමග දිලිත් ඉදිරියට

ශ්‍රී ලාංකික කාන්තාවට මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් උරුම බවත්, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නුදුරු අනාගතයේ ඉදිරිපත් කරන බවත් කොළඹ විහාරමහාදේවි එළිමහන් වේදිකාවේ පැවති ලිය බල සමුළුව සඳහා එක්වෙමින් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

”මේ දහස් ගණනක කාන්තාවන් අද මෙහි රැස්ව සිටින්නේ සම්ප්‍රධායික දේශපාලන රැස්වීමකට නොවෙයි. මේ රට ගොඩ ගත හැකියි කියන විශ්වාසයෙනුයි ඔබ මෙතනට පැමිණ සිටින්නේ. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නිතැතින්ම රැගෙන ආ ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සදාදරණිය මිතුරියන් ලෙසයි ඔබ මේ රැස් වී සිටින්නේ. ශ්‍රී ලාංකික කාන්තාව කවදද ගොඩ එන්නේ කියන දිනය දැනගන්නයි ඔබ ඇවිත් ඉන්නේ. අපිට අවශ්‍යයි ඒ පිළිබඳ ප්‍රතිඥාවක් ඔබට දෙන්න. අපි විශ්වාස කරනවා ශ්‍රී ලාංකික කාන්තාවට මීට වඩා හොඳ ශ්‍රී ලංකාවක් උරුම බව. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් නුදුරු අනාගතයේ අපි ඉදිරිපත් කරනවා. අපිට ඕන ඒ වැඩපිළිවෙල තුල ඔබට සහනාධාර දෙන්න නෙමෙයි. අපි ඔබට ප්‍රග්ධනයයි සපයන්නේ. ධනය, හැකියාව, ඔබේ විභවය මතු කරගෙන ව්‍යවසායකත්වය ඉහළ නැංවීමයි අපේ අරමුණ. ඒ හරහා ඔබේ පසුපසින් ඔබට ශක්තියක් වෙමින් මේ ශ්‍රී ලාංකික කාන්තාව දිදුලන චරිතයක් බවට පත් කිරීමයි අපේ වෑයම. ඒ සඳහා ඔබ එක මිටට එකතු වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. මතක තබා ගන්න ඔබේ ඡන්දය තමයි ඉදිරි අනාගතයේදී මේ රටේ වටිනාම දේ වෙන්නේ .
ඔබ කල්පනාකරලා බලලා තීරණය කරන්න ඔබේ දරුවටත් මේ රටේ නූපන් හෙට දවසේ උපදින දුවා දරුවන්ටත් කොයි විදියටද ඔබ යුතුකම් ඉටු කල යුත්තේ කියලා. අන්න ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා හැඳි මිටට හිර නොවී එක මිටට කඩේ නොගොස් අපි එක්ක එක්ව මේ ගමන යමු කියලා.”යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ “ලිය බල” කාන්තා සමුළුව අමතමින් පැවසීය.

කොළඹ විහාරමහාදේවි එළිමහන් වේදිකාවේ පැවති ලිය බල සමුළුව සඳහා දිවයිනේ විසිරි පැතිරී සිටින කාන්තා ව්‍යවසයිකාවන් ඇතුළු විශාල කාන්තා සහභාගිත්වයක් සිදු වූ අතර කාන්තා ව්‍යවසායකත්වය හා රටේ අනාගතය පිලිබඳ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යවසයිකාවන් කිහිප දෙනෙක්ම සිය අදහස් හා දේශන ඉදිරිපත් කළහ.

මුදල් අමාත්‍යංශය වෙනත් කෙනෙකුට දෙන ලෙස ඩලස් පවසයි

මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

රට තුළ සාමකාමීව විරෝධයක් පළ කරන්න තහනම් වීම නිසා ජනතාව සියලු දේ ඉවසා සිට ඉවසීමේ සීමාව ඉක්මාගොස් පාරට බසින දිනයක් ඇති බවත් එදාට රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරවා කුට්ටමේ කොළයක් ගානට වැටීම වැලැක්විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ශ්‍රී ලාංකිකයින්ගේ එම සීමා ඉර දැන් පැන තිබීම නිසා ජනතාව තව දුරටත් පාලකයන්ගේ සැහැසිකම් ඉවසන්නේ නැති බවත් රටේ වඩාත් ක්‍රියාශීලි අමාත්‍යාංශය වියයුතු මුදල් අමාත්‍යංශය බෙලහීන වී ඇති බවත් ඩලස් පැවසීය.

මුදල් අමාත්‍යංශය බෙලහීන වී ඇතැයි හොඳ උදාහරණ දෙකක් ඇති බව කී ඔහු මහ බැංකුවේ වැටුප් සියයට 70 කින් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පවසා තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස සහ ජනාධිපතිවරයා ලෙස ඔහු ඒ පිළිබඳව නොදන්නා බව යයිද සඳහන් කළේය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan