(VIDEO)අහෝ තැපෑල!වසරක් තිස්සේ ලිෆ්ට් එක වැඩ නැහැ.තට්ටු අටක වැඩ කරන්න තියෙන්නේ පඩිපෙළෙන් ගිහින්! සේවකයින් දැඩි පීඩනය!

Date:

කොළඹ LNW:මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද සංකේත වැඩවර්ජනයකට එක්ව සිටින අතර ඊට හේතු වී ඇත්තේ වසරකට වැඩි කාලයක් ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී තිබීමයි.

මහල් 08 කින් යුක්ත මෙම මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩනැගිල්ල තුළ සේවකයින් 3000ක් පමණ සේවය කරන අතර විදුලි සෝපානය අක්‍රීය වීම නිසා රාජකාරී කටයුතු සිදුකිරීමට ඇත්තේ තරප්පු පෙළ භාවිතා කිරීමෙන් වන බවයි සේවකයින් පවසන්නේ.

වසරකට වැඩි කාලයක් එම පීඩාව දරාගෙන කටයුතු කළද තවදුරටත් එලෙස ක්‍රියා අතර අමානුෂික කාරණයක් බව තැපැල් සේවකයින් අවධාරණය කරයි.

සේවකයින් අතර ගැබිණි මව්වරු, වයස අවුරුදු 50 ඉක්මවූ වැඩිහිටි කනතා පිරිමි සේවකයින් සිටින හෙයින් ඔවුන්ට මෙය අතිශය පීඩාකාරී දෙයක් බවත් එය සේවක ඵලදායීතාවට සෘජුව බලපා තිබෙන බවද මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියාසිටියි.

විදුලි සෝපානය මෙලෙස අක්‍රීය වීම ගැන තැපැල් පරිපාලනය සමඟ සාකච්ජා කළද එය තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර ඊයේ දිනය වන විටත් තැපෑල පරිපාලනය් පවසා ඇත්තේ එම කටයුතු සම්පූර්ණ කිරීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවෙනු ඇති බවයි.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති විදුලි සෝපානයද ක්‍රියාත්මක වන්නේ 05 වෙනි මහළ දක්වා පමණක් වන බවත් ඉතිරි මහල් තුනට භාණ්ඩ ගෙන යනු ලබන්නේ සේවක කරමතින් බවද චින්තක බණ්ඩාර මහතා පවසන්නේ.

කෙසේවෙතත් තැපැල් සේවකයින් පවසන්නේ මාසයක කාලය තුළ විදුලි සෝපානය ක්‍රියාත්මක නොවන්නේ නම එළඹෙන අප්‍රේල් 01 වැනිදාන් පසු දින නියමයකින් තොරව වැඩවර්ජනයට යොමුවන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...