බඩු බෙදන දේශපාලනය ගැන මුහුණු පොතේ විවිධ විචාර විවේචන එහෙට මෙහෙට විසිවෙනු දුටුවෙමි .. මගේ අදහසනම් දවල්ට රෑට මොනවද කන්නේ කියලා හිත හිත ඉන්න මිනිස්සු මැතිවරණ ප්‍රචාරක වේදිකා අසලට ගෙන්න ගන්නවා නම් ඒ අය ආපහු යනකොට වේදිකා අසල ඉඳන් ලකා ගහගෙන කාපු කාලෙටවත් හිලව් වෙන්න කනබොන බඩු ටිකක් දෙන්ට පුළුවන් නම් ඒක හොඳයි..
බඩු බෙදීම එක පැත්තකින් චන්ද කැම්පේන් එකේම අයතා කොටසක් තමා… නමුත් කිලෝමීටර් ගනන් එකදිගට ගහන ප්‍රචාරක කටවුට් වලට සහ යෝද හට්වලට මුදල් කාබාසිනියා කරනවට වඩා එදාවේල නැති මිනිස්සුන්ට දවසකට දෙකකට හරි මොනවහරි ලැබෙනවනම් ඒකත් වටිනව..
මෙතනදි කවුරුහරි ජනතාවට කියනවා නම් “උඹලා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අතින් වියඳම් කරගෙන අපේ රැස්වීම් වලට වරෙල්ලා, අපි දින්නම අපි උඹලව ගොඩදාලා දෙන්නම්” කියලා ඒක සමානවෙන්නේ ආගම විසින් අනාගතයේ පොරොන්දු වෙන ස්වර්ගමය යුතෝපියාවට..
මොකද, කෙළ උනේ කොහොමද වත් නොදන්න ජනතාවක් සහ නායකයන් ඉන්න මේ දූපතේ එහෙම හෙට ආශ්චර්‍යන් වෙන්ට විදියක් නෑ..
මාක්ස් කිව්ව විදියට තාක්ෂනයේ පෙරලි පිට පෙරලි සිදුවුන මහා යුරෝපයේ විප්ලව උනාට දකුණු ආසියාව ඇතුලේ සියවස් ගානක් එකතැන පල්වෙච්ච හුදෙකලා කොදෙව්වක, ලෝකේ මොකක්ද කියලා දන්නෙවත් නැති දූපතක එහෙම විප්ලව වෙන්ට විදිහක් නෑ…
අපි දශක ගානක් තිස්සෙ අපේ මිනීවල අපිම හාරගනිමින් ඉන්න ජාතියක්..
මෙහෙ වෙන්ට පුළුවන් විප්ලව කියන්නේ ම්ලේච්ඡත්වය කරා ආපස්සට යන ඒවා විතරයි ..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN