ජාතික එකඟතාවක් අත්‍යාවශ්‍යයි. නැතිනම් ඊළඟ මාස කිහිපයේ අපට රටක් නැතිවෙයි – රනිල් (VIDEO)

Date:

පවතින ආර්ථික අර්බුදය හමුවේ මුලින්ම කළ යුත්තේ ජාතික එකඟතාවක් නිර්මාණය කරගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

“ගිය සතියේ ආණ්ඩුව රුපියල පා කළා. මෙතෙක් කල් විශාල ඩොලර් හිඟයක් තිබුණා. ඩොලර් හිඟය තියෙන නිසා අපට බඩු භාණ්ඩ ගන්න බැරිවුණා. ඒකට විසඳුමක් හැටියට එක සැරේටම ආණ්ඩුවෙන්, මහබැංකුවෙන් රුපියල පා කළා. ඒත් දැන් රුපියලත් ඒ වගේම පාවෙනවා විතරක් නෙවෙයි තද රැල්ලකට වාගේ දැන් උඩහට යනවා, පල්ලෙහාට තවම ඇවිල්ලා නෑ. ඒ එක්කම අපට මේ ප්‍රශ්න දැන් මෙතෙනින් ඉවර වෙන්නෙ නෑ. ඒක මතක තියාගන්න. මේ ජූලි මාසේ අපට ඩොලර් බිලියනයක් ආපහු ගෙවන්න තියෙනවා ණය. මෙන්න මෙහෙම උඝ්ර ප්‍රශ්න අපට තියෙන්නෙ. IMF වාර්තාව ආණ්ඩුවට දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම රටේ ආර්ථික තත්වය ගැන එන සතියේ තියන සාකච්ඡාවට ඉස්සෙල්ලා මේ සතියේ අපට ඒ වාර්තාව ලබාදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ආණ්ඩු මාරු කරනවා කියන එක නෙවෙයි දැන් තියෙන්නෙ. ඉස්සෙල්ලා මේ තියෙන තත්වය විසඳාගන්න එක. නැත්නම් ඊළඟ මාස කිහිපයේදී අපට රටක් නැතිවෙනවා. මෙතෙන්ට ඕනෙ ජාතික ආණ්ඩු නෙවෙයි. ජාතික ආණ්ඩුවලින් වැඩක් නෑ, ඒ පාර කියයි මේ ඇමතිකම් බෙදාගන්නවා කියලා. මෙතෙන්ට ඕනෙ ජාතික එකඟතාවයක්. ඒකයි ප්‍රධාන වශයෙන්ම අපි කරන්න තියෙන්නෙ ඉස්සෙල්ලා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කිරුළපන ප්‍රදේශයේ පැවති එජාප ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...