අන්තිම වරය දෙන මල් පෙත්ත ….

රන් බඳුනක බහා තිබී
රන් පැහැයෙන් බබළන
අන්තිම වරය දෙන
මල් පෙත්ත හමුවිය.

මල් පෙත්ත අහසට විසිකර
හඬ නගා අයැදුවෙමි
පටන් ගත් තැනටම
යළිත් ගෙන යන ලෙස.

හමුවිය මව් පියන් .
කෙළිදෙලෙන් පසුවන සොහොයුරන් .
ඇස් බැල්මකින් සැනසුණ පෙම්වතුන් .
කුමටද දිස්නෙ දෙන රන් බඳුන් ?

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN