මෙවර රට හරහා දිවීම “දල්ලේ රඟ” දුර දිවීමට එක් කල සූරයන්ගේ නිජබිමට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 14, කොළඹ (LNW): ජාතික මට්ටමේ දුර දිවීමේ තරගවලදී කැපී පෙණෙන දක්ෂයන් විශාල පිරිසක් බිහිකළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුර ධාවන තරගකරුවන් සහ තරගකාරියන් වැඩි ප්‍රමාණයක් ඉතා අවම පහසුකම් මැද ධාවන ජිවිතය මුවහත් කර ගත් වතු කම්කරු ජිවිත හෝ එවැනි පවුල්වල සාමාජිකයෝ ය.මනෝහරන්,චන්ද්‍රදාස්,විග්නේෂ්වරන්,අජන්තන්,ෂම්මු වැනි ධාවන පිටියට හුරුනම් සමඟ ඈදෙන තවත් නම් එහි ඇත.ක්‍රිශාන්තනී කඳුකරයේම ධාවිකාවක්ය.


මේ බොහෝ දෙනාගේ ජීවතවල ඇත්ත කතාව පාසල් විය දුප්පත්කම විසින් අහිමි කිරීම නිසා පාසල් ක්‍රිඩා හරහා ඔවුන් සිය ධාවන ජීවිතය පෝෂණය කර ගත් අය නොවන්නේය.එසේ වූවානම් කුඩා කාලයේ සිටම විද්‍යාත්මක ශිල්ප සමඟ සිරුරේ වේගය,දරා ගැනීම මෙන්ම නමණීයත්වයද හරි පාරට වැටී දියුණු වෙන මොවුන් ඪ=ඊට වඩා ඉහළ දස්කම්වල උරුමක්කාරයන් වන්නට තිබුණු බවය.


ඉහත වැකි ලීවේ ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු ගේ අත්සනින් පැමිණි ලිපියකින් මාර්තු 16 වන දා මේ වසරේ ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පැවත්වෙන ජාතික රට හරහා දිවීමේ තරගාවලිය පැවත්වෙන්නේ නුවරඑළියේ බව සඳහන් කර තිබෙන බැවින්ය.සිය ගම් පළාතේම මේ ක්‍රීඩකයින් පාරක ගාණෙ දුවනවා බලා සිටි පිරිසට අහන්නට ලැබී ඇත්තේම මේ ජීවිතවල තිත්ත දුප්පත්කම සහ නොසළකා හැරීම්ය.මේ පාරේ දුවන,දිනන අය ඉහළින් පිළිගන්න කිසිඳු අවස්ථාවක් ඒ මඟකොට ඔවුන් දුටු අයට දකින්නට ලැබී නැති බව බොහෝ විට ඇත්තය.ඒ නිසාම ඔවුන් පිළිගැනීමට ලක් නොවන සමාජයක් බලා පිරිසක් ඔවුන් පිටුපස ඒම සිඳුවන්නේ නැති තරම්ය.


ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා දැනුවත් කර රට හරහා දිවීමේ තරගයේදී මේ විශිෂ්ඨයන් සොයා එකකු කර තරගාවසාන උත්සවයට ඔවුන් ගරු ගාම්භීර ලෙස මල් මාල පළන්දා කැඳවා ඇවිත් සමරු සිහිවටනයක් හෝ දිය හැකිනම් සැඟවී සිටින නුවරඑළිය දිස්ත්‍රික්කය අවට ඊ ළඟ පරම්පරාවට එය, “වරෙල්ලා – දුවපල්ලා” කියන්නාක් වැනි ආමන්ත්‍රණයක් වනු ඇත.


නුවරඑළියේ දී ජාතික රට හරහා දිවීමේ කාන්තා තරගය ආරම්භවන්නේ පෙරවරු 8.30 ට ය.පිරිමි තරගයේ ආරම්භක වේලාව ලෙස දක්වා ඇත්තේ 9.30 ලෙසය.සියළුම පළාත් නියෝජනය කරමින් මේ තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.තරගකරුවන් පළාතක් නියෝජනය කරමින් 10 දෙනෙක් දහභාගිවන අතර කාන්තා තරගකාරියන් 6 ක් පළාතකින් ඉදිරිපත් වීමට නියමිතය.
ඡායාරූපයේ දැක්වෙන්නේ වේලු ක්‍රිශාන්ති ජාතික මහා ක්‍රීඩා උළෙලක මැරතන් තරගයක් ජයගත් අවස්ථාවක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...