ගෙවිඳුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): අද (14) දින යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින්, සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා 09% වාර්ෂික පොළියක් ගෙවද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොළිය ලෙස 29.27% ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 

එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබූ බව සඳහන් වේ.

පෙත්සම්කරු කියා සිටින්නේ  සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාතය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පොලී අනුපාතය පිළිබඳ තොරතුරු තමා විසින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ බවයි.

ඊට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය අර්ධ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා සියයට 09 ක පොලී අනුපාතයක් ගෙවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් 29.27% ක පොළියක් ගෙවන බවත් සඳහන් කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇති බව සඳහන් වේ.

පසුව මෙම විශමතාවය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කලද ඉන් සහනයක් අත්වී නොමැති බවද පෙත්සමේ සඳහන් අතර, මේ තුළින් රටේ වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට වාර්ෂික පොලී අනුපාතය 11% ක අගයක පිහිටුවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටි.

පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ, ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ සිටින සෑම සාමාජිකයෙකුට රුපියල් 10 ක් බැගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...