*
Friday, October 18, 2024
spot_img

Latest Posts

බයිඩන් සහ ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරණ තරගයට!

කොළඹ LNW:2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය Joe Biden දිනාගනී. ඇමරිකාවේ බොහෝ ප්‍රධාන මාධ්‍යයන් හි ගණනය කිරීම් සහ වාර්තා මේ බව අනාවරණය කර ඇත.

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත 2024 ඇමරිකානු ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා, Joe Biden ට රටේ විවිධ ප්‍රාන්තවල ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් 3,934 දෙනෙකුගෙන් අවම වශයෙන් 1,968 දෙනෙකුගේ සහාය අවශ්‍ය වේ.

CNN සංඛ්‍යාලේඛනවලට අනුව, විවිධ ප්‍රාන්තවල පැවති මූලික ඡන්දවල දී Joe Biden ට ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයන් 1,867 කගේ සහය ලැබී තිබිණ.

ඒ අනුව, ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුට අවශ්‍ය ව තිබුණේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් 101 දෙනෙකුගේ මනාපය පමණකි.

කෙසේවෙත් AP මාධ්‍ය ජාලයේ වාර්තාවලට අනුව, ජෝර්ජියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයන් 101 කට වැඩි පිරිසකගේ සහාය Joe Biden ට හිමි ව තිබේ.

එසේම Donald Trump 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය දිනා ගෙන තිබේ. ඒ අනුව Joe Biden සහ Donald Trump මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan