අපේ ආණ්ඩුවත් IMF එක්ක ඉදිරියට යනවා. ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවා. වාරිකය දෙන්න එපා කිව්වේ නෑ – විජිත

Date:

තම රජයක් යටතේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් එහි ඇතැම් කොන්දේසි සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“ජනතාව මත බදු පටවපු එකයි, ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරපු එකයි, අපේ රාජ්‍ය සම්පත් විකුණන්න තීන්දු කරපු එකයි හැර ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන එක තවම සාර්ථකව අවසන් වෙලා නෑ. එය අවසන් වෙන කාලයක් නිශ්චිත වෙලාත් නෑ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව IMF එකට කිව්වෙ අපි කැමති වුණත් අකමැති වුණත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේකෙ ජනතාවට අහිතකර දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා අපේ පාලනයක් යටතේ IMF ගිවිසුම නැවත සමාලෝචනය කරලා, ජනතාවට අහිතරකර ජනතාවට පීඩා ගෙනදෙන කොන්දේසි ඉවත් කරලා ඉදිරියට යන්න අපි සූදානම් කියන එක දැනුම් දුන්නා”

ප්‍රශ්නය – අත්සන් කරපු ගිවිසුමක් එහෙම වෙනස් කරන්න පුළුවන්ද ?

“පුළුවන්. ඕනෙ තරම් ලෝකෙ වෙනස් කරලා තියෙනවා. ඕනෙම ආණ්ඩුවකට එහෙම වෙනස් කරන්න පුළුවන්”

ප්‍රශ්නය – මේ සාකච්ඡාවත් එක්ක ඔවුන් ප්‍රකාශ කළාද මීළඟ IMF වාරිකය ලංකාවට දෙනවාද නැද්ද, මොනවගේ තැනකද ඔවුන් ඉන්නෙ කියලා ?

“අපි වාරිකය දෙන්න එපා කියලා කිව්වෙ නෑ. මොකද, ලංකාවේ අද තියෙන ආර්ථික තත්වය අනුව එහෙම දෙන්න එපා කියන්න අපි කොහෙත්ම කැමති නෑ”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී IMF නියෝජිතයින් හමුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...