කෙහෙළියගේ නඩුව අස්සේම බාල පිළිකා නාශක ඖෂධ ගැහිල්ලක් ගැනත් තොරතුරු එළියට !

Date:

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සැපයූ සැපයුම්කරුගෙන් මිලදී ගෙන ඇති පිළිකා නාශක ඖෂධ තොගයක් ද ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇතැයි ඊයේ (14) අධිකරණයේදී අනාවරණය විය.

ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය,

“ස්වාමීනී, මෙම ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින්ම සැපයු තවත් ඖෂධයක් තමයි රිටොක්සිමැප් කියන්නේ. එම ඖෂධ මාත්‍රා 2,250ක් සැපයීමට ප්‍රශ්නගත සැපයුම්කරුට ටෙන්ඩරය ප්‍රධානය කර තිබෙන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මාත්‍රාව වගේම ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අංශය තුළ තිබියදියි. ඒ අනුව මෙම සැපයුම්කරු අවස්ථා 4කදි රිටොක්සිමැප් එන්නත් මාත්‍රා 2200 ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබෙනවා. ස්වාමීනි, එම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා ආයතනයෙන් අප ප්‍රමිති වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ස්වාමීනි රිටොක්සිමැප් ඖෂධය පිළිකා රෝගයෙන් සුව වීමට අදාළ වෙන්නේ එහි මොනකෝනල් නමැති පිළිකා නාශක ප්‍රතිදේහයට අන්තර්ගත වුණොත් විතරයි. නමුත් ස්වාමීනි මෙම සැපයුම්කරු සපයා ඇති රිටොක්සිමැප් කියන්නා වු මාත්‍රාවල එම ප්‍රතිදේහය කිසිඳු ලෙසකින් අන්තර්ගත වෙලා නැහැ. එය හුදෙක් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුවා වගේම නිකන්ම නිකන් ද්‍රාවණ සැපයීමක් විතරයි. එවැනි ද්‍රාවණයකට තමයි රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 1000ක් ගෙවලා තියෙන්නේ. ස්වාමීනි, එම ඖෂධය ප්‍රශ්නගත වෙලා අධිකරණ නියෝගයකින් එම එන්නත් මාත්‍රා තොග යළි කැඳවන විටත් බෙදාහරින ලද එන්නත් මාත්‍රා 2200 න් 1200ක්ම භාවිත වෙලා තිබුණා. ඉතිරිවෙලා තිබුණේ එන්නත් මාත්‍රා 1000 ක් විතරයි”

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් පිරිස විසින් ඉදිරිපත් කර තිබුණු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, ඔවුන් පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඊයේ නියෝග කර තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...