දයාසිරිත් වෙන්ඩ ජනාධිපති ලැයිස්තුවට. නව සන්ධානයක් සූදානම් !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් මාර්තු 20 වනදා එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

“මානුෂීය ජනතා සන්ධානය” ලෙස නම් කර ඇති එම සන්ධානය ලබන 20 වනදා සවස 02.00 ට කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී එළිදැක්වීමට නියමිත ය.

මෙම නව සන්ධානය සමග සිවිල් සංවිධාන 40 කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් සමග ගිවිසුම් අත්සන් තැබීම ද ලබන 20 වනදා සිදුකෙරෙන බවත් මානුෂීය ජනතා සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සන්ධානයේ ප්‍රතිපත්ති සමග ප්‍රධාන දේශපාලන පක්ෂයක් එකඟ වන්නේ නම් ඔවුන්ට සහාය ලබාදීමටත් එසේ නොවුණහොත් ජනාධිපතිවරණය සඳහා මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා තරග කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...