රූමත් තරුණියන් රවටා අපූරු නාඩගමක් නැටූ හොර දොස්තරට සිදුවූ දේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):ෆේස්බුක් හි දැන්වීම් පළ කරමින් නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බව බොරු කියා තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වා ගෙන නිරුවත් ඡායාරූප ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට ගොදුරු වූ තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

රූමත් තරුනියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට ඒත්තු ගන්වමින් මුහුණු පොතේ දැන්වීම් පළ කර ඇති සැකකරු ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර ඇත.

වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇති සැකකරු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...