මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම තහනම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ,  පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙසයි.

ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස තමන්ට උපදෙස් දුන් බව ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ ඇමරිකන් ඩොලර් 153499 තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් – ඇමති චතුරංග ධනය කළමනාකරණය ගැන කියයි

තමන්ගේ ආරම්භක වැටුප 2008 වසරේදී රුපියල් 75000ක් වූ අතර...

රජ සැප ගන්න හිටපු වෘත්තීය සමිති නායකයෝ අද රාජ්‍ය සේවකයා අමතක කර ආණ්ඩුව වෙනුවෙන් මරණ තර්ජනත් කරනවා – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන්...

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...