කෙහෙළිය මහාධිකරණයෙන් ඇප ඉල්ලයි

Date:

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (15) සිය නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ඒ, ඔහුගේ ඇප ඉල්ලීම මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ය.

ඉහත විමර්ශනයට අදාළව කෙහෙළිය රඹුක්වැල්ලව පසුගිය පෙබරවාරි 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර පසුදින ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...