හයිටි අගනුවර පාලනය ආයුධ සන්නද්ධ කල්ලි අතට

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ හයිටියේ අගමැති ඒරියල් හෙන්රි ඉවත් වීමට ඔහුගේ තීරණය ප්‍රකාශ කළ නමුත් එම රික්තය පුරවන්නේ කවුරුන්ද, කවදාද යන්න පැහැදිලි නොමැත. පොරොන්දු වූ සංක්‍රාන්ති රජයක් තවමත් ක්‍රියාත්මක වී නොමැති අතර, අගනගරය වන පෝට්-ඕ-ප්‍රින්ස්හි පාලනය 80%ක් ආයුධ සන්නද්ධ කල්ලි අතට ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.

කල්ලි නායක හිටපු පොලිස් නිලධාරියෙකු වන ජිමී චෙරිසියර් නොහොත් බාබකිව්ගේ අණ යටතේ ක්‍රියාත්මක වන අගනගරයේ පොලිසිය සහ කල්ලි අතර දිනපතා සටන් ඇවිලෙමින් පවතියි.

නගරයෙන් පිටතට යන සියලුම මාර්ග කල්ලි විසින් අවහිර කර ඇත, වරායට ප්‍රවේශ වීම මෙන්ම නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දමා තිබේ. නගරයේ සිල්ලර වෙළඳසැල්වල ආහාර හිඟ වෙමින් පවතින අතර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මෙන්ම රෝහල්වල ලේ හිඟව පවතියි.

හයිටියේ වත්මන් ආරක්ෂක අර්බුදය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවති අතර මිලියන 5.5 ක් පමණ හයිටි වැසියන්ගෙන් අඩකට මානුෂිය ආධාර අවශ්‍ය වන අතර ඔවුන් ප්‍රචණ්ඩත්වය, දේශපාලන අර්බුද සහ ආහාර හිගය, මෙන්ම නියඟයෙන් පීඩා විඳිමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...